ත්රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ ගෙංගේ පාලම අසලදී ඊයේ (19) සවස පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
ඉන් බස් රථයේ මගීන් සහ රියදුරු ඇතුළු 51 දෙනෙක් තුවාල ලබා ප්රතිකාර සඳහා මුතූර් රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ එම බස් රථය වන්දනාවේ යන පිරිසක් රැගෙන යාපනයේ සිට කතරගම දක්වා ධාවනය වෙමින් තිබූ බව සඳහන් ය.