සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ විමර්ශන ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (18) අනාවරණයක් කළේය.
එහිදී ක්ලබ් වසන්ත සතු වත්කම් පිළිබඳව ද තොරතුරු හෙළිවුණි.
අමාත්‍ය ටිරාන් අලස් මහතා,
“අපිට දැන් තිබෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවේ රට වටේ ණය වෙලා අතේ සතේ නැතුව හිටපු පුද්ගලයෙක්. එහෙම තොරතුරු තමයි අපේ විමර්ශනවලින් එළියට ඇවිත් තියෙන්නේ.”
“කංජිපානි ඉම්රාන් සහ ගනේමුල්ලේ සංජීව පැන්න විදිය නීතිඥවරුන්ට තමයි හොඳටම කියන්න පුළුවන්. මොකද ඒ නීතිඥවරුන් තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරන් ගිහින් පැන්නුවේ. අපි දැන් ඒ අයව අත්අඩංගුවට ගත්තාම ඒ කතාව හොඳට කියනවා. අරන් ගිහින් බෝට්ටුවට දැම්මා…. ඔක්කොම ලස්සනට කියනවා. ඒකයි මම කියන්නේ කුඩු සල්ලිවලින් යැපෙන නීතිඥවරුන් සෙට් එකක් ඉන්නවා.”