Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිතර නිතර භූකම්පන ඇති වෙන්නේ ඇයි ?
    Featured

    නිතර නිතර භූකම්පන ඇති වෙන්නේ ඇයි ?

    By LFNJuly 17, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය පුරා භූකම්පන තත්ත්වයන් ඇති වීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගෙන් මාධ්‍ය විමසීමක් සිදුකළේය.

    එහිදී අදහස් දක්වමින් අතුල සේනාරත්න මහතා පවසා සිටියේ, පෘථිවි අභ්‍යන්තරයේ ඇති පැලුම්තලවල සිදුවන සුළු චලන හේතුවෙන් ඇති වන කම්පනයන් මෙයට හේතුව වන බවය.

    “එවැනි චලන ඇති වීමට හේතුව තමා ලංකා භූමියේ ඉතා හෙමින් වසරකට මිලිමීටරයක් දෙකක් වූ ප්‍රමාණයකින් එසවෙනවා. තැනින් තැන ඒ එසවෙන ප්‍රමාණයන් වෙනස්. නමුත් විශේෂයෙන්ම පොළොව අභන්තරයේ භූගත ක්‍රියාකාරී තත්ත්වය වැඩි ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ ස්ථාන හඳුනාගන්න ඉතාම පහසුයි. ඒවා තුළ තියෙන ඛනිජ සම්පත්වලින්. ඇත්තටම මේ ප්‍රදේශ ඛනිජ සම්පත් බහුල ප්‍රදේශයක්. ඉතින් මේ එසවීම හේතුවෙන් තමා මේ සුළු කම්පන තත්ත්වයන් ඇති වෙන්නේ.”

    අනුරාධපුර සහ කන්තලේ අතර ප්‍රදේශයේ භූකම්පන තත්ත්වයක් ඊයේ (16) සවස වාර්තා වුණි.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයක් යුක්ත බවය.

    ඊයේ පස්වරු 5ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබේ.

    පසුගිය ජූනි මස 18 වනදා වව්නියාව ප්‍රදේශයේ රික්ටර් මාපක 2.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 202605 Views

    දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය…

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.