අම්බලන්ගොඩ කන්ද මාවත ප්රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වෙයි.
පොලීසිය සඳහන් කළේ නිවස ඉදිරිපිටදී 41ක් හැවිරිදි පුද්ගලයෙකුව එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවය.
වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත.
අදාළ පුද්ගලයාගේ හිසට වෙඩි ප්රහාරය එල්ල කර ඇති බවද පොලීසිය පවසයි.
ධම්මික නිරෝෂන් නම් අදාළ පුද්ගලයා 2002 වසරේදී ශ්රී ලංකා 19 පහළ ක්රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්රීඩකයෙක් බවද වාර්තා වෙයි.
ජනප්රිය පාසලක 19 පහළ ක්රිකට් කණ්ඩායමේ නායකත්වය ද ඔහු විසින් දරා තිබේ.