හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළේය.
ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.
ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු කෙරේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය යෝජනාව මඟින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණ ද කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම 22.5%ක් දක්වා ඉහළ දමා තිබේ.
ඒ අනුව විදුලි ගාස්තු වෙනස් වෙන ආකාරය පහතින් දැක්වේ.