Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අහිංසක මිනිසුන්ගේ මුදල් වංචාකළ සමූපකාර බැංකු සේවිකාවෝ
    Featured

    අහිංසක මිනිසුන්ගේ මුදල් වංචාකළ සමූපකාර බැංකු සේවිකාවෝ

    By LFNJuly 15, 2024No Comments2 Mins Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පස්සර ප්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙක් ග්‍රාමීය බැංකුවක තැන්පත් කර තිබූ මුදල වංචනික ලෙස එම බැංකුවේ කළමනාකාරිය සහ ලිපිකාරිනියක් එකතුවී වංචා කර ඇති බව වාර්තා වෙයි.

    එම 65 හැවිරිදි මව සහ ඇයගේ පුතා දිවා රෑ නොබලා වෙහෙසෙ මහන්සි වී ගම්මිරිස් වගාව ඇතුළු වගාවෙන් සහ කිතුල් කර්මාන්තයේ උපාය ගත් මුදලින් එම බැංකුවේ ඒකාබද්ධ ස්ථාවර ගිණුමක් ආරම්භ කර තිබුණි.

    ඔවුන් එසේ ස්ථාවර ගිණුමක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණේ රෝගාබාධයකින් පෙළෙන සුනිල්ගේ බිරිඳගේ ප්‍රතිකාර සඳහා මෙන්ම දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලට සහ අළුතින් තනන නිවසේ ඉදිරි වියදම් සඳහා යොදා ගැනීමේ අරමුණ ඇතිවය.

    මෙම ගිණුමේ මුදල කල්යත්ම රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ ගියේය.

    එහෙත් පසුගියදා නිවසේ ඉදිකිරීම් සඳහා ලක්ෂ 50 ක ස්ථාවර තැන්පතුව උගසට තබා එම ගිණුමෙන් යම් ණය මුදලක් ලබාගැනීම සඳහා ඔවුන් බැංකු ශාඛාවට ගිය අවස්ථාවේ දැනගන්නට ලැබුණේ ගිණුමේ මුදල් නැති බවය.

    මේ පිළිබඳව බැංකු බලධාරින්ට පැමිණිලි කරන්නට ගිය විට ඔවුන් එය සමච්චලයට ලක්කර අපහාසයෙන් හිනා වුණු බව සුනිල් පවසයි.

    ඉන්පසු ඔවුන් ඌව පලාත් සමූපකාර කොමසාරිස් හමු වී සිය මැසිවිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ පොලීසියට පැමිණිලි කරන ලෙසට ය.

    එම පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකළ බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මෙම බැංකු ශාඛාවේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගත්තේය.

    ඉන් එක් කාන්තාවක් එම බැංකුවේ කළමනාකාරිය වන අතර අනෙක් කාන්තාව ලිපිකාරිනිය කි.

    සැකකාරිනියන් දෙදෙනා එක්ව මේ මව සහ පුතු තැන්පත් කළ මුදල ඇපයට තබා ණය මුදල් ලබාගන්නා ආකාරයට තැන්පත්කරුවන්ගේ නමින් කූඨ අයදුම්පත් සකසා අවස්ථා දෙකකදී රුපියල් රුපියල් ලක්ෂ 44ක මුදලක් ලබාගෙන ඇති බවත් අවසන් වශයෙන් ගිණුමේ ඉතිරිව තිබූ මුදල, මුදල් ආපසු ලබාගැනීමේ පත්‍රිකාවක් කූඨ ලෙස සකසා ලබාගෙන ඇති බවත් විමර්ශනවලදි අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

    එම මව සහ පුතා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකළ අතර රුපියල් ලක්ෂ 50ක මුදල වංචා සහගත ලෙස ලබාගැනීම සඳහා සැකකාරියන් උපයෝගි කරගත් කූඨ ලේඛනද සොයාගත් බවත් ඒවායේ යොදා ඇත්තේ ව්‍යාජ අත්සන් බව තහවුරු වී ඇති බවත් පොලීසිය තවදුරටත් සඳහන් කළේය.

    සැකකාරියන් පස්සර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

    ඔවුන් දෙදෙනාට විරුද්ධව පොදු දේපොළ පනත යටතේ නඩු පවරා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202608 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.