රත්ගම, රණපනාදෙණිය ප්රදේශයේ පුද්ගලයෙකුට පොල් උලකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සැකකරු රත්ගම පොලීසිය විසින් අද (14) සවස අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (15) ගාල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලකඩ, ගණේගොඩ, රත්ගම ලිපිනයේ පදිංචි කුමාරවඩු සුමිත් (49) නැමැති අයයි.
රත්ගම, රණපනාදෙණිය පදිංචි දඩල්ලගේ විමලසේන (67) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුව රත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය (12) සවස 5.47 ට මෙම ඝාතනය සිදුව තිබෙන බවත් එය එදින රාත්රී 7.00ට පොලීසියට වාර්තා වූ බවත් රත්ගම පොලීසිය පැවසීය.
මරණකරු රත්ගම, රණපනාදෙණිය ප්රදේශයේ අක්කර දෙකක පොල් ඉඩමක හිමිකරුවෙකි.
මරණකරු සමග ඔහුගේ මව සහ මවගේ නැගණිය ජීවත්ව සිට ඇති බවත් මරණකරුගේ බිරිඳ හා දරුවා ඩුබායිහි ජීවත්වන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මරණකරුට අයත් පොල් ඉඩමේ පොල් ගෙඩි 10ක් සැකකරු විසින් අහුලා විකුණා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් බහින්බස්වීමක් දක්වා දුරදිග ගොස් පහරදීමකින් මෙම මරණය සිදුව තිබෙන බවත් රත්ගම පොලීසිය කියයි.