Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ කරන්න ජනපති ගෙනආ සැලසුම
    Featured

    අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ කරන්න ජනපති ගෙනආ සැලසුම

    By LFNJuly 14, 2024No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඓතිහාසික අනුරාධපුර නගරය නැවතත් ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඓතිහාසික ජය ශ්‍රී මහ බෝධිය පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද සුර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට එක්වෙමිනි.

    අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින පරිශ්‍රයට විදුලිය සැපයීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත සුර්යබල විදුලි පද්ධතියෙන් උත්පාදනය කෙරෙන විදුලිය ධාරිතාව කිලෝවොට් 150කි.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අපි අනුරාධපුර නගරය තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණය යන දෙකම කැඳවා මෙම වැඩකටයුතු කරගෙන යන ලෙස මම උපදෙස් දුන්නා. ඒ වගේම මහාවිහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට ඩර්හැම් විශ්වවිද්‍යාල සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. නායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කර එම කටයුතු කඩිනමින් කරගෙන යාමට උපදෙස් දී තිබෙනවා. එම කටයුතු සඳහා ආචාර්ය ප්‍රශන්ත ගුණවර්ධන මැතිතුමා සම්බන්ධ කර තිබෙනවා.”

    “මහා විහාරය කියන්නේ අනුරාධපුර ඓතිහාසිකත්වයේ කොටසක් පමණයි. ඒ නිසා මෙම අනුරාධපුර නගරයේ කටයුතු ගැන සාකච්ඡා කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමියට ලංකාවට පැමිණීමට මම ආරාධනා කර තිබෙනවා. දීර්ඝකාලීනව මෙම අනුරාධපුර නගරයේ පුරාවිද්‍යා කටයුතු කරගෙන යාමට මම එහිදී එතුමියට යෝජනා කරනවා. මෙම කටයුතු සඳහා අපට සහාය ලබාදීමට වෙනත් රටවල විශ්විවිද්‍යාල ගණනාවක් කැමැත්ත පළ කර තිබෙනවා. මේ සියලුදෙනා එක් කරගෙන ඉදිරියට යාමට අප තීරණය කර තිබෙනවා.”

    “මෙම කටයුතු සමඟ අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා. අද සීගිරියට එම ප්‍රසිද්ධිය ලැබී තිබෙනවා. අතීතයේ ප්‍රධාන වෙළෙඳ, ආර්ථික මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයේ ප්‍රසිද්ධිය ගැන අප තවම කථා කර නැහැ. අප තන්ජෝර් ගැන කථා කරනවා, මදුරායි, සාංචිපුරම් ගැන කථා කරනවා… නමුත් ඒ සමඟ තිබු හතරවන නගරය වන අනුරාධපුරය අමතක කර තිබෙනවා. ඒ නිසා අනුරාධපුර නගරයේ දියුණුව වෙනුවෙන් එම වැඩකටයුතු කළ යුතුයි. එම කටයුතු අතරතුර අනුරාධපුර නගරයේ නව හෝටල් ඇති කිරීම වෙනුවෙන් අප අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ සමග මෙම නගරය විශාල දියුණුවකට ලක්වනු ඇති.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.