Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ කරන්න ජනපති ගෙනආ සැලසුම
    Featured

    අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ කරන්න ජනපති ගෙනආ සැලසුම

    By LFNJuly 14, 2024No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඓතිහාසික අනුරාධපුර නගරය නැවතත් ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඓතිහාසික ජය ශ්‍රී මහ බෝධිය පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද සුර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට එක්වෙමිනි.

    අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින පරිශ්‍රයට විදුලිය සැපයීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත සුර්යබල විදුලි පද්ධතියෙන් උත්පාදනය කෙරෙන විදුලිය ධාරිතාව කිලෝවොට් 150කි.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අපි අනුරාධපුර නගරය තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණය යන දෙකම කැඳවා මෙම වැඩකටයුතු කරගෙන යන ලෙස මම උපදෙස් දුන්නා. ඒ වගේම මහාවිහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට ඩර්හැම් විශ්වවිද්‍යාල සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. නායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කර එම කටයුතු කඩිනමින් කරගෙන යාමට උපදෙස් දී තිබෙනවා. එම කටයුතු සඳහා ආචාර්ය ප්‍රශන්ත ගුණවර්ධන මැතිතුමා සම්බන්ධ කර තිබෙනවා.”

    “මහා විහාරය කියන්නේ අනුරාධපුර ඓතිහාසිකත්වයේ කොටසක් පමණයි. ඒ නිසා මෙම අනුරාධපුර නගරයේ කටයුතු ගැන සාකච්ඡා කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමියට ලංකාවට පැමිණීමට මම ආරාධනා කර තිබෙනවා. දීර්ඝකාලීනව මෙම අනුරාධපුර නගරයේ පුරාවිද්‍යා කටයුතු කරගෙන යාමට මම එහිදී එතුමියට යෝජනා කරනවා. මෙම කටයුතු සඳහා අපට සහාය ලබාදීමට වෙනත් රටවල විශ්විවිද්‍යාල ගණනාවක් කැමැත්ත පළ කර තිබෙනවා. මේ සියලුදෙනා එක් කරගෙන ඉදිරියට යාමට අප තීරණය කර තිබෙනවා.”

    “මෙම කටයුතු සමඟ අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා. අද සීගිරියට එම ප්‍රසිද්ධිය ලැබී තිබෙනවා. අතීතයේ ප්‍රධාන වෙළෙඳ, ආර්ථික මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයේ ප්‍රසිද්ධිය ගැන අප තවම කථා කර නැහැ. අප තන්ජෝර් ගැන කථා කරනවා, මදුරායි, සාංචිපුරම් ගැන කථා කරනවා… නමුත් ඒ සමඟ තිබු හතරවන නගරය වන අනුරාධපුරය අමතක කර තිබෙනවා. ඒ නිසා අනුරාධපුර නගරයේ දියුණුව වෙනුවෙන් එම වැඩකටයුතු කළ යුතුයි. එම කටයුතු අතරතුර අනුරාධපුර නගරයේ නව හෝටල් ඇති කිරීම වෙනුවෙන් අප අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ සමග මෙම නගරය විශාල දියුණුවකට ලක්වනු ඇති.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.