Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළ ඇතුළත් පළමු කෙටුම්පත අස්ගිරි මහානාහිමි වෙත
    Featured

    සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළ ඇතුළත් පළමු කෙටුම්පත අස්ගිරි මහානාහිමි වෙත

    By LFNJuly 14, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සර්වජන බලය සන්ධානයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත ඊයේ (13) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් වෙත පිළිගැන්වීය.

    ඒ, එම සන්ධානයේ නායකයින් අද උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

    මෙලෙස පිළිගැන්වීම සිදු කෙරුණේ පසුගියදා ඉදිරිපත් කෙරුණු සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ඇතුළත් ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” පළමු කෙටුම්පත ය.

    සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් පළමුවෙන් මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගෙන තිබුණි.

    එම අවස්ථාවට මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා ගෙවිඳු කුමාරතුංග යන පිරිස එක්විය.

    අනතුරුව පක්ෂ නායකයින් අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැ දැක තිබුණි.

    ඉන් අනතුරුව පක්ෂ නායකයින් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද බැහැ දැක සිය උපායමාර්ගික වැඩපිළිවෙළ පිළිගන්වනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202603 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.