Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ඝාතන
    Featured

    ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ඝාතන

    By LFNJuly 13, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මනුෂ්‍ය ඝාතන 3ක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය තොරතුරු වාර්තා කර තිබේ.

    එම ඝාතන ඊයේ (12 ) දිනයේ අලුයම සහ රාත්‍රී කාලයේ සිදු වී ඇති බව පොලීසිය පවසයි.

    ඒ අතුරින් එක් ඝාතනයක් වාර්තා වී ඇත්තේ ඊයේ (12) අළුයම පොතුපිටිය රඹුක, පින්නගොඩැල්ල ප්‍රදේශයෙනි.

    එම ප්‍රදේශයේ නිවසක් අසල පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් සිටින බවට පොලීසිය ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

    එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා අසල්වැසි කාන්තාවකට අයුතු යෝජනාවක් සිදු කිරීම හේතුවෙන් එම කාන්තාවගේ පුරුෂයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග පැමිණ පොලු වලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

    මියගොස් ඇත්තේ 45 හැවිරිදි රඹුක, රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

    සැකකරුවන් 28 යා 35 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වේ.

    පොතුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    මේ අතර ඊයේ රාත්‍රියේ රත්ගම රණපනාදෙනිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

    මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ 60 හැවිරිදි රණපනාදෙනිය රත්ගම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

    මෙම පුද්ගලයා පොල් ව්‍යාපාරිකයෙකු වශයෙන් කටයුතු කරන අතර විදෙස් ගත වී සිටින සිය බාල සොහොයුරුට අයත් වසා දමා ඇති නිවසේ සිටිය දී යම්කිසි අයෙකු විසින් පොල් උලකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.

    මෙම ඝාතනයට හේතුව හෝ එය සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර රත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    අනෙක් ඝාතනය සිදු වී ඇත්තේ ඊයේ රාත්‍රීයේ ගල්නෑව ප්‍රදේශයේ ය.

    පොලීසිය පැවසුවේ ගල්නෑව, කලංකුට්ටිය චන්දනගම මර්ගයේ සිට කලාඔයට යන අතුරු මාර්ගයක පුද්ගලයෙකු මියගොස් සිටින බවට ඊයේ රාත්‍රීයේ තොරතුරු වාර්තා වු බවය.

    ඒ අනුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ 42 හැවිරිදි චන්දනාගම කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බවය.

    පවුල් අරවුලක් හේතුවෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්නෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202603 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.