Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වතු සේවක වැටුප් ප්‍රශ්නය විසඳන්න තවත් තීන්දුවක්
    Featured

    වතු සේවක වැටුප් ප්‍රශ්නය විසඳන්න තවත් තීන්දුවක්

    By LFNJuly 10, 2024No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය විසින් තීරණය කරන ලද වතු සේවකයින්ගේ දෛනික වැටුප ලබා නොදෙන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (09) අනාවරණය කළේය.

    රුපියල් 1,000ක් පැවති වතු සේවක දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවමින් ඉකුත් අප්‍රේල් 30 වනදා රාත්‍රියේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

    කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව වැවිලි සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වූ අතර ඒ අනුව ඉකුත් 28 වනදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වතු සේවක වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

    “අද කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා තීරණය කළා… වතු කම්කරුවන්ට සුදුසු වැටුප නොගෙවන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ කරන්නේ නැහැ. දැනට ජනාවාස වී ඇති වතු ප්‍රදේශ ගම්මාන ලෙස ගැසට් කරන්න තීන්දු කළා. එලෙස ගැසට් කළ පසු රජයේ ප්‍රතිලාභ සෘජුවම දෙන්න පුළුවන්. වතු සමාගම්වල අවසර ගන්න අවශ්‍ය නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,014 Views
    Don't Miss

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025011 Views

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා…

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025

    අමෙරිකාව ලංකාවට පැනවූ නවතම තීරු බද්ද ගැන තවත් අනාවරණයක්

    July 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.