Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙම ලිපියට ඔබත් හසුවෙයි – කල්පනාවෙන්
    Featured

    මෙම ලිපියට ඔබත් හසුවෙයි – කල්පනාවෙන්

    By LFNJuly 8, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව පවසමින් අන්තර්ජාලයේ සංසරණයවන ලිපියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ඒ අදාළ ලිපිය මගින් දැවැන්ත දත්ත කොල්ලයක් සිදුකිරීමට හැකියාවක් ඇති බවට ඇතිවූ සැකයක් හේතුවෙනි.

    ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වූ ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය වල සංසරණය වූ අතර එය 2024 ජූලි 01 වනදා පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා නිකුත් කළ බව හැඟවෙන අයුරින් සකසා ඇත.

    අදාළ ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය.

    ඒ අනුව අනාවරණ කරගැනුණේ මෙරට, ප්‍රමුඛ පෙළේ මර්මස්ථාන රැසකට මෙන්ම ඒවායේ ප්‍රධාන නිලධාරීන් රැසකට අදාළ ලිපිය ඒ වන විටත් ඊමේල් මගින් යොමුකර තිබූ බවය.

    මෙහි විශේෂත්වය වන්නේ එය මුද්‍රණය කරගැනීම, සඳහා අනිවාර්යයෙන්ම බාගත කරගත යුතුවීමය.

    එහෙත් එය මුද්‍රණය කිරීමට ද හැකියාවක් පවතින්නේ නැත.

    එය බාගත කළ පසු එය යවන ලද පාර්ශ්වයට එහි ඇති මැල්වෙයා, වෛරස් ආරක්ෂණ පද්ධති තුළට ඇතුළු වී අදාළ පරිගණකවල ඇති දත්ත සොරාගත හැකි බව වාර්තා වේ.

    ඉන්පසුව පරිගණකයේ වේගය අඩාළ වීමද සිදුවේ.

    පොලීසිය පැවසුවේ, දත්ත සොරකම් කිරීමේ අරමුණින් හෝ ඇතැම් පාර්ශ්වයන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම ලිපිය යොමුකර ඇති බවය.

    විමර්ශන නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන් නොදන්නා පුද්ගලයෙකුගෙන් යම්කිසි ඡායාරූපයක්, ලින්ක් එකක් හෙවත් පරිශීලක පිවිසුමක් හෝ පීඩීඑෆ් පිටුවක් පැමිණියහොත් එය විවෘත නොකරන ලෙසය.

    මෙවැනිම ආකාරයකින් හැකර්වරුන් 2016 වසරේදී බංග්ලාදේශයේ මහ බැංකුවෙන් ඩොලර් මිලියන ගණනක කොල්ලයක්ද සිදුකර තිබේ.

    බංග්ලාදේශයේදී සිදුව ඇත්තේ, ජීව දත්ත තොරතුරු ඇතුළත් අයදුම්පතක් එරට මහ බැංකුවේ ඊමේල් ලිපිනයට ලැබී ඇති අතර එය ඩවුන්ලෝඩ් කර වසර එකහමාරකට පමණ පසුව හැකර්වරුන් විසින් ක්‍රමක්‍රමයෙන් එහි දත්ත සොරකම් කර එම කොල්ලය සිදුකර තිබීමය.

    ඒ හේතුවෙන් මෙරට ආරක්ෂක අංශ මෙම ලිපිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202608 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.