Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරානයේ 9වන ජනාධිපතිවරයා මසූඩ්
    International

    ඉරානයේ 9වන ජනාධිපතිවරයා මසූඩ්

    By LFNJuly 7, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබේ.

    ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය හිමිකරගත් සයිඩ් ජලීලි පරාජයට පත් කරමිනි.

    ඉරාන ජනාධිපතිවරණය 2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව පැවතියත් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවුණේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි මරණයත් සමගය.

    පසුගිය මැයි 28 වනදා ජනාධිපතිවරණය පැවතියත් එහිදී කිසිවෙකුටවත් සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට අපොහොසත් වීමෙන් දෙවැනි මත විමසුමක් සඳහා යොමුවීමට සිදුවිය.

    ඒ අනුව ඊයේ පැවති ඡන්ද විමසීමෙන් මනාප මිලියන 16.5ක් දිනා ගනිමින් ජනාධිපතිවරණ සටන ජය ගැනීමට 71ක් හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකු වන මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් සමත්වුණි.

    ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදයට ලක්වූ දැඩි ඉස්ලාමීය මතදාරී සයිඩ් ජලීලි මනාප මිලියන 13.5කට සීමා කරමිනි.

    ඉරානයේ ටැබ්‍රිස් නගරය නියෝජනය කරමින් 2008 වසරේදී ඉරාන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මසූඩ් පෙසෙෂ්කියන් මොහොමඩ් කටාමි පාලනයේ ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

    ඉරානය මත ඇති ආර්ථික සම්බාධක ඉවත් කර ආර්ථිකය දියුණු කරමින් ඉරානය බාහිර ලෝකයට විවෘත කරන බව, පෙසෙෂ්කියන්ගේ පොරොන්දුවය.

    ඉරානයේ පවතින බොහෝ දේශපාලනික ප්‍රතිපත්ති විවේචනය කරන ඔහු ලිංගික අසමානතාව අවසන් කර සම අයිතීන් ලබාදෙන බවටත් පොරොන්දු දුන් නායකයෙකි.

    එමෙන්ම ඔහු ඉරාන කාන්තාවන් මත පටවා ඇති හිජාබ නීතිය පවා විවේචනය ලක් කරන්නෙක් වීම විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.