Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බැඳුම්කර එකඟතා ගැන පැහැදිලි කරයි
    Featured

    බැඳුම්කර එකඟතා ගැන පැහැදිලි කරයි

    By LFNJuly 5, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව සහ ණයහිමියන් පසුගිය (03) එකඟතාවකට පැමිණ තිබේ.

    ඒ යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිතය.

    විදෙස් ද්වීපාර්ශ්වික ණය සහ දේශීය ණය දැනටමත් ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ඇති අතර බැඳුම්කර ණය සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ණයහිමියන් පෙරේදා එකඟතාවකට පැමිණියේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අදියර ද සාර්ථක කරගනිමිනි.

    ශ්‍රී ලංකාවේ මුළු ණය අමෙරිකානු ඩොලර් බිලියන 100 ක් වන අතර ඊට ඩොලර් බිලියන 57ක දේශීය ණය, ඩොලර් බිලියන 37ක විදෙස් ණය සහ ඩොලර් බිලියන 6ක ඇපකර ඇතුළත් ය.

    විදෙස් ණය ඩොලර් බිලියන 37 තුළ ද්වීපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහු පාර්ශ්වීය ණය ඩොලර් බිලියන 11.7ක් සහ ජාත්‍යන්තර බැඳුම්කර අමෙරිකානු ඩොලර් බිලියන 14.7ක් අන්තර්ගතය.

    බහු පාර්ශ්විකය ණය ප්‍රතිව්‍යුහගත නොකෙරන අතර ද්විපාර්ශ්වික ණයවලින් ඩොලර් බිලියන 10ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමට පසුගිය සතියේ අත්සන් තැබුණි.

    අනතුරුව ජාත්‍යන්තර බැඳුම්කර අමෙරිකානු ඩොලර් බිලියන 14.7 න් අමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව සහ ණයහිමියන් ඊයේ එකඟතාවකට පැමිණියේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අදියරද සාර්ථක කරගනිමිනි.

    මෙම සාකච්ඡාවලදී බැඳුම්කර හිමියන්ගේ ස්ථාවරය වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගණනය කිරීමට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි වසරවලදී වර්ධනය වනු ඇති බවය.

    යම් එහෙකින් එලෙස වැඩි වේගයකින් මෙරට ආර්ථිකය වර්ධනය වන අවස්ථාවක ණය ගෙවීමේ වාසිය බැඳුම්කර හිමියන්ට ලැබෙන ආකාරයටත්, ආර්ථිකය සංකෝචනය වුවහොත් එහි වාසිය ශ්‍රී ලංකාවට ලැබෙන ආකාරයටත් අවසන් එකඟතාවට එළැඹිය යුතු බව ඔවුන්ගේ යෝජනාව වී ඇත.‍

    ඒ අනුව පැවති සාකච්චා වට තුනකින් පසුව ජුනි මස අගදී දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ තිබුණි.

    ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පුරෝකථනය කරන අන්දමට 2027 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 88.6 ක මට්ටමේ පැවතුණහොත් ශ්‍රී ලංකාවට බැඳුම්කර ණයවලින් 28% ක මූලික ණය කපාහැරීමේ සහනයක් පිරනැමීමටය.

    යම් ආකාරයකින් දළ දේශීය නිෂ්පාදිතය IMF පුරෝකථනයට වඩා ඉහළ ගියහොත් ලබා දෙන ණය කපාහැරීම 15% ක උපරිම සීමාවක් දක්වා අඩුවන අතර මෙරට ආර්ථිකය අදාළ කාලය තුළ සංකෝචනය වුවහොත් ලබා දෙන ණය කපාහැරීමේ සීමාව 40% දක්වා ඉහළ නැංවෙයි.

    මෙම එකඟතාවයන් තිරසාර ඉලක්කවලට අනුකූල වීම තක්සේරු කිරීම සඳහා නිල ණයහිමි කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියට යොමු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.