Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ අල්ටෙයාර් ඛේදවාචකය ගැන තවත් තොරතුරු රැසක්
    Featured

    කොළඹ අල්ටෙයාර් ඛේදවාචකය ගැන තවත් තොරතුරු රැසක්

    By LFNJuly 5, 2024No Comments2 Mins Read203 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.

    පොලීසිය පැවසුවේ, ඊයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව විවෘත තීන්දුවක් දෙමින් ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදී ඇති බවය.

    මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රෙණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් සහ සිසුවියකි.

    ඔවුන්ගේ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදී සොයා ගැනුණු අතර, එම යන්ත්‍රවල ගැටීම හේතුවෙන් සිරුරුවලට බරපතළ හානි සිදුවී තිබුණි.

    මෙම සිසුවා සහ සිසුවිය අතර දැඩි මිත්‍රත්වයක් තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

    එමෙන්ම අදාළ සිසුවිය උස් ස්ථානවලට ගොස් ඡායාරූප ගැනීමේ රුචිකත්වයකින් පසුවී ඇති අතර, ඇයගේ ජංගම දුරකථනයේ තිබී එවන් ඡායාරූප කිහිපයක්ම පොලීසිය සොයාගෙන තිබුණි.

    ඒ අනුව, එලෙස ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී මොවුන් දෙදෙනාම 67 වැනි මහලින් බිමට වැටී ඇති බවටද පොලීසිය සැක පළ කරයි.

    කෙසේවෙතත්, අනතුර සිදුවීමට පෙර දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇතැයි සැකයක් පවතින බවද විමර්ශකයින් පවසයි.

    අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය තුළට යාම සඳහා මොවුන්ට අවසර ලබාදී ඇත්තේ, එහි පදිංචි, ඔවුන්ගේම පන්තියේ සිටි සමීපතම මිතුරෙකු විසිනි.

    එම මිතුරා හේතුවෙන් සිසුවා සහ සිසුවිය නිතර නිවාස සංකීර්ණයට පැමිණෙන නමුත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් එදින එහි පැමිණෙන බවට සිය මව්පියන් දැනුම්වත් කර නොමැති බවය.

    සිය දියණිය නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ පියා සිසුවාට දුරකථනයෙන් අමතා ඇති නමුත්, එහිදී ඔහු පවසා ඇත්තේ ඇය තමන් සමග නොමැති බවය.

    කෙසේ වෙතත් මේ පිළිබඳව පොලීසිය දැනුම්වත් කරන බවට අදාළ සිසුවියගේ පියා පැවසීමත් සමග ඇතිවූ බිය හේතුවෙන් මොවුන් දෙදෙනා මහල් නිවාසයෙන් පැන්නේද යන්න පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

    සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකථනද වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

    කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානාධිපති කපිල විජේමාන්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

    මේ අතර සිද්ධිය සිදුවූ දිනයේ සිසුවිය පාසලෙන් ඉවත් කර තිබූ බවට පළවන වාර්තා අසත්‍ය බවද පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.