Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ අල්ටෙයාර් ඛේදවාචකය ගැන තවත් තොරතුරු රැසක්
    Featured

    කොළඹ අල්ටෙයාර් ඛේදවාචකය ගැන තවත් තොරතුරු රැසක්

    By LFNJuly 5, 2024No Comments2 Mins Read203 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.

    පොලීසිය පැවසුවේ, ඊයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව විවෘත තීන්දුවක් දෙමින් ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදී ඇති බවය.

    මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රෙණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් සහ සිසුවියකි.

    ඔවුන්ගේ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදී සොයා ගැනුණු අතර, එම යන්ත්‍රවල ගැටීම හේතුවෙන් සිරුරුවලට බරපතළ හානි සිදුවී තිබුණි.

    මෙම සිසුවා සහ සිසුවිය අතර දැඩි මිත්‍රත්වයක් තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

    එමෙන්ම අදාළ සිසුවිය උස් ස්ථානවලට ගොස් ඡායාරූප ගැනීමේ රුචිකත්වයකින් පසුවී ඇති අතර, ඇයගේ ජංගම දුරකථනයේ තිබී එවන් ඡායාරූප කිහිපයක්ම පොලීසිය සොයාගෙන තිබුණි.

    ඒ අනුව, එලෙස ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී මොවුන් දෙදෙනාම 67 වැනි මහලින් බිමට වැටී ඇති බවටද පොලීසිය සැක පළ කරයි.

    කෙසේවෙතත්, අනතුර සිදුවීමට පෙර දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇතැයි සැකයක් පවතින බවද විමර්ශකයින් පවසයි.

    අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය තුළට යාම සඳහා මොවුන්ට අවසර ලබාදී ඇත්තේ, එහි පදිංචි, ඔවුන්ගේම පන්තියේ සිටි සමීපතම මිතුරෙකු විසිනි.

    එම මිතුරා හේතුවෙන් සිසුවා සහ සිසුවිය නිතර නිවාස සංකීර්ණයට පැමිණෙන නමුත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් එදින එහි පැමිණෙන බවට සිය මව්පියන් දැනුම්වත් කර නොමැති බවය.

    සිය දියණිය නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ පියා සිසුවාට දුරකථනයෙන් අමතා ඇති නමුත්, එහිදී ඔහු පවසා ඇත්තේ ඇය තමන් සමග නොමැති බවය.

    කෙසේ වෙතත් මේ පිළිබඳව පොලීසිය දැනුම්වත් කරන බවට අදාළ සිසුවියගේ පියා පැවසීමත් සමග ඇතිවූ බිය හේතුවෙන් මොවුන් දෙදෙනා මහල් නිවාසයෙන් පැන්නේද යන්න පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

    සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකථනද වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

    කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානාධිපති කපිල විජේමාන්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

    මේ අතර සිද්ධිය සිදුවූ දිනයේ සිසුවිය පාසලෙන් ඉවත් කර තිබූ බවට පළවන වාර්තා අසත්‍ය බවද පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 202503 Views

    දොඩංගොඩ මාලිමා පළාත් පාලන අපේක්ෂකයකුට පහරදුන් සමගි ජන බලවේගය දොඩංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දොඩංගොඩ පොලීසිය…

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.