Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහලින් භාර නොගත් කිරි සිරවූ බිළිඳා මිය යයි
    Featured

    රෝහලින් භාර නොගත් කිරි සිරවූ බිළිඳා මිය යයි

    By LFNJuly 5, 2024No Comments2 Mins Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාස 2ක බිළිඳෙකුට කිරි හිරවීම නිසා රෝහලට රැගෙන ඒමෙන් පසු අදාළ රෝහල බිළිඳාව භාර නොගැනීම හේතුවෙන් වෙනත් රෝහලකට රැගෙන යන අතරතුර බිළිඳා මියයෑමේ සිද්ධියක් වාර්තා විය.

    මාතර දිස්ත්‍රික් නව රෝහලට රැගෙන ආ බිළිඳාව එලෙස භාරගෙන නොතිබුණු බව වාර්තා විය.

    මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කඹුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි ඔසඳ ආකිෂ් නමැති මාස 2යි දින 27ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනාගේ වැඩිමහල් බිළිඳාය.

    පසුගිය (03) අලුයම් කාලයේදී මෙම දරුවාට කිරි ලබාදී ඇති අතර එහිදී කිරි සිරවීමක් සිදුවී ඇත.

    දෙමව්පියන් විසින් ත්‍රීරෝද රථයකින් බිළිඳාව වහාම මාතර කොටවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති මාතර දිස්ත්‍රික් නව රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

    මව්පියන් පවසන පරිදි, එහිදී ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ රෝගියා භාර ගැනීමට නොහැකි බවත් ඒ මොහොතේ හදිසි ප‍්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවන බවත් ය.

    පසුව ගිලන් රථයකින් හෝ වෙනත් රෝහලක් වෙත දරුවා රැගෙන යාම සඳහා රෝහලට ඇතුළුවීමට ඉඩ දෙන ලෙස දෙමව්පියන් පවසා ඇති අතර එයද රෝහල් ආරක්ෂක අංශය වළක්වා තිබේ.

    පසුව ඔවුන් කිලෝමීටර් 10ක් පමණ දුර ගෙවා මාතර මහ රෝහල වෙත බිළිඳා රැගෙන ගොස් ඇත.

    ඒ වනවිට බිළිඳා ජීවිතක්ෂයට පත්වී ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත්තේ විනාඩි 30ට පමණ පෙර රැගෙන ආවේ නම් බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට තිබූ බවය.

    බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සවස මාතර පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

    මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වී ඇත්තේ මෙය කිරි සිරවීමෙන් සිදුවු මරණයක් බවය.

    එසේම මෙම මාතර දිස්ත්‍රික් නව රෝහල පිළිබඳව පසුගිය මසද දැඩි කතාබහට ලක්වුණේ එම රෝහලේ උපත ලැබූ දරුවකු අතුරුදන්වීම සම්බන්ධයෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202604 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.