Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුවා සහ සිසුවියට සිදුවූ දේ CCTV ඔස්සේ සොයයි
    Featured

    සිසුවා සහ සිසුවියට සිදුවූ දේ CCTV ඔස්සේ සොයයි

    By LFNJuly 4, 2024No Comments1 Min Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක පසුගිය (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණි.

    පොලීසිය පැවසුවේ, මෙය සියදිවි නසාගැනීමක් බවට සැක පළ කරන බවය.

    මොවුන් දෙදෙනා කොළඹ 7 ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබුණි.

    ඊයේ පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක් වෙත පැමිණ තිබුණි.

    ඔවුන් එහිදී ඇඳුම් මාරුකර, පාවහන් ගලවා, ඔවුන්ගේ පාසල් බෑග්ද එම මධ්‍යස්ථානය තුළ තබා නිවාස සංකීර්ණයේ 67 වැනි මහලට ගොස් ඇත්තේ පිටතින් ඇති තරප්පු පෙළ භාවිත කරමින්.

    පසුව ඔවුන්ගේ සිරුරු හමුවුණේ මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදීය.

    එම යන්ත්‍රවල ගැටීමෙන් ඔවුන්ගේ සිරුරුවලට බරපතළ තුවාල සිදුවී තිබුණි.

    මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක්ද පැවති බවය.

    ජීවිතක්ෂයට පත් සිසුන්ගේ මව්පියන්ගෙන් අද කොම්පඤ්ඤ වීදීය පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක අතර මෙම මරණ සියදිවි නසාගැනීමක්ද එසේත් නැත්නම් අනතුරක්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,347 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 20250121 Views

    කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත්…

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.