Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ දෙකකින් නියෝග
    Featured

    විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ දෙකකින් නියෝග

    By LFNJuly 3, 2024No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාමල් කරුණාරත්න මහතා ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණ දෙකකින් නියෝගයක් නිකුත් කර තිබේ.

    අද (03) දින කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළව මෙම නියෝග නිකුත් කර ඇත්තේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි.

    සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරිගොවින් සුරකිමේ මධ්‍යස්ථානය හා වෘත්තිය සමිති විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළ මෙම නියෝග නිකුත් කෙරුණි.

    ඒ අනුව නාමල් කරුණාරත්න, ටි.බි සරත්, සුසන්ත කුමාර, සුමිත් අත්තනායක, බණ්ඩාර රඹුක්වැල්ල, සොසිරි රණසිංහ, නිලන්ත සිල්වා, සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරි ගොවීන් සුරකිමේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම්, කිරි ගොවින් සුරකිමේ මධ්‍යස්ථානය ලේකම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන සේවක සංගමයේ සභාපති, ස්වාධින සේවක සංගමයේ සභාපති සහ සමගි සේවක සංගමයේ සභාපති යන පිරිසට මාර්ග කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    ඒ අනුව විරෝධතාකරුවන්ට කොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත ටෙලිකොම් හංදියේ සිට සෙරමික් හංදිය දක්වා ද, සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වා මාර්ගයද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු වටරවුම ද අවහිර නොකරන ලෙසට දැනුම් දී තිබේ.

    මේ අතර, මුදල් අමාතයංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට සංදේශ භාරදීම හා සාකච්ඡා පැවැත්වීමට ඉතා සුළු කණ්ඩායමකට වගකිව යුතු රජයේ නිලධාරියෙකුගෙන් නිත්‍යානුකූලව ලබා ගත් අවසරයක් මත පමණක් ඇතුළුවීමට බාධාවක් නොවන බව ද අදාළ අධිකරණ නියෝගයේ දැක්වේ.

    පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසටත් නියෝග කරමින් විරෝධතාවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය ප්‍රතිපාදන ප්‍රකාරව ආඥාවක් නිකුත් කර තිබේ.

    එමෙන්ම නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමේ මුලික අයිතිවාසිකමට අධිකරණ නියෝගයෙන් කිසිදු බාධාවක් නොවන බව ද අධිකරණය දැනුම්දී ඇත

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202604 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.