රාත්රි තැපැල් දුම්රිය පීලි පැනීමෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබේ.
පීලි පැනීමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ රාත්රි තැපැල් දුම්රිය පීලි පැනීමෙන් අද (30) අලුයම සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.