Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තිත්ත උනත් ඇත්ත යටපත් කරමින් රැල්ලට යන නූගත් ගුරුවරු
    Featured

    තිත්ත උනත් ඇත්ත යටපත් කරමින් රැල්ලට යන නූගත් ගුරුවරු

    By LFNJune 28, 2024Updated:June 30, 2024No Comments3 Mins Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටක අධ්‍යාපනය තුලින් යහපත් පරපුරක් බිහි කිරීමේ බාරදුර කාර්ය සිදු කරන ගුරුවන් අද වන වට විට දේශපාලන අතකොලුවක් බවට පත්වෙමින් ගුරු ගෞරවය කෙලසමින් මහින්ද ජයසිංහලා.ජෝෂොප් ස්ටාලින්ලා. සමස්ථ දරු පරපුරේ රීරි මාශය උරා බොන ගුරු ලේබලය අලවාගත්ත දේශපාලන ගිජුලිහිනියෝ වෙමින් අපේ රටේ දරු පරපුරේ අනාගතය මරා දැමීමයි. දරු පරපුරේ අනාගතය මරා දැමීම යනු රටේ අනාගතය විනාශ කිරීමයි.

    එදා කෝවිඩ් සමයේ පාරට බැහැලා වෛරසය ගෙනියන වාහකයෙක් වෙන්න එපා කියලා සෞඛ්‍ය අංශවලින් දැඩිව උපදෙස් නිකුත් කරලා තිබියදීත් ඒ වෙලාවෙත් ස්ට්‍රයික් කරලා රටටම කෝවිඩ් බෙදන්න දායක උනේ ඔය ගුරු වෘත්තිය සමිති මාෆියාව නෙවෙයිද?ඇත්තටම මේවට සමස්ථ ගුරුවරු අදාල නැතිවුනත් මේ වෘත්තිය සමිති මාෆියාව ඇතුලේ අහිංසක ගුරුවරු විශාල ප්‍රමාණයක් පීඩාවට පත්වෙනවා. එයට කදිම උදාහරණයනම් යාපනයේ ගුරුවරුන් කිසිදු වර්ජනයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් කටයුතු කිරීමයි

    මෙතනදී වැඩි වශයෙන් පාව්චිචි වෙන්නේ මහින්ද ජයසිංහලාගේ,ජෝශප් ස්ටාලින්ලගේ බලහත්කාරය.මාරුවීම් මණ්ඩල ඇතුලේ තියෙන්නේ තනිකරම ජවිපෙ මාෆියාවක්.මහින්ද ජයසිංහලා අවුරුදු 20 කින් ඉස්කෝලෙකට උගන්නන්න ගිහින් නෑ.පිං පඩි කමින් ජවිපෙ දේශපාලනය කරන මහින්ද ජයසිංහලා ඉස්කෝලෙකට ගොඩ උනොත් ගොඩවෙන්නේ ලමයෙකුට අකුරක් උගන්නන්න නෙවෙයි.
    ඉස්කෝලේ වහලා,ළමයින්ගේ අනාගතය අඳුරු කරලා,ගුරුවරු පාරට ගන්න.තමන්ගේ ආණ්ඩුව යටතේ කිරිතේ එක වෙනුවට කහට එකක් බීලා හරි වැඩ කරමු කියලා කියන ජවිපෙට අද රටේ තියන තත්වය ගැන කිසිම හැගීමක් නෑ,ඊයේ එකපාරට පාරට වැටුණ දරුවන්ට මොකද්ද උනේ කියලා කිසිම හැඟිමක් නෑ.එකපාරට ගුරු – විදුහල්පති වැටුප් ප්‍රශ්නයක් මුල්කරගෙන ඉස්කෝල වහලා ගුරුවරු පාරට ගත්තා.
    ගුරුවරුන්ට වැටුප දිගටම දීලා තියනවා.
    රුපියල් දහදාහකින් පොදුවේ වැටුප් වැඩිකරලා තියනවා.ඒවත් සියල්ල අරගෙන හිඟ වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන ඊයේ ගුරුවරු පාරට ගෙනාවා.අදත් ගන්න හදනවා.රට වැටිලා තියන තැනත් එක්ක,රට මුහුණ දීපු අවාසනාවන්ත තත්වයන් එක්ක රට දැන් අමාරුවෙන් නැගිටිද්දී ගුරුවරයා විසින් දෙන්න ඕනි සහයෝගය මේකද? මානව හැගීම් නැති ස්ටාලින්ලා,මහින්ද ජයසිංහලා හදපු කලකණ්ණි ගුරු සංස්කෘතික යටතේ අපේ රටේ ගුරුවරුත් මෝඩයෝ වගේ පාරට බහින තැනට පත්වීම ඇත්තටම අවාසනාවක්.
    ඊළඟ ආණ්ඩුව ගන්න බලාගෙන මහජන කැළඹීම් හදන දේශපාලන ධාරාවන්වල අතකොලු වෙලා පාරට ඇවිත් ගුරු ගෞරවයත් විනාශ කරගෙන පාසැල් ලමයින්ගේ ජීවිතත් අනතුරේ දාලා මේ කරන පිස්සුව මොකද්ද?ඊයේ එක පාරට පාසැල් වැහුවහම පාසැල් ආපු දරුවෝ ලක්ෂ ගානක් මහ පාරේ රස්තියාදු වුනා?ඒ දරුවන්ගේ ආරක්ෂාව ගැන විදුහල්පතිලා හිතුවද?
    ඉතින් මෙයාලට අපි කොහොමද ගුරුවරු කියලා කියන්නේ.
    මේ ගුරුවරු නෙවෙයි දේශපාලන පාදඩකරණයට ලක්වෙච්චි තක්කඩි කණ්ඩායමක්.ඊයේ මෙයාලාගේ මේ වගකීම් විරහිත හැසිරීමෙන් ඒක ඔප්පු වුනා.රජය පැත්තෙන් මේ වෙනකොටත් වැටුප් සමාලෝචන කමිටුවක් පත් කරලා තියනවා.මාස තුනකින් වාර්තාව දෙන්න කියලා තියනවා.එතන කරන සමාලෝචනයකින් පස්සේ ගුරුවරුන්ගේ විතරයක් නෙවෙයි පොදුවේ රාජ්‍ය සේවයේම වැටුප් ප්‍රශ්න නිරාකරණය කරලා ලබන අයවැයෙන් ඒ හිඟ දිමනා දෙන්න ලෑස්ති වෙනවා.
    ජවිපෙ සහ ස්ටාලින්ලගේ සහයෝගයෙන් ඊයේ කරපු ගුරු වැඩ වර්ජනය සහ උද්ඝෝෂණ තනිකරම දේශපාලන උවමනාවක් වෙනුවෙන් කරපු එකක්. මේ වෘත්තිය සමිති මාෆියාව පරාජය කිරීම නං අත්‍යවශ්‍ය දෙයක්.නැත්තං අපිට කවදාවත් රටක් විදිහට ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නෑ.
    ඒ වගේම මීට එරෙහිව ජනතාව දැනුවත් කරන්න ඕනි.අනුරගේ බල උවමනාව වෙනුවෙන් තමන්ගේ දරුවාගේ අනාගතය බිලි දෙනවද කියලා මේ රටේ දෙමව්පියෝ තීරණය කරන්න ඕනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202604 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.