Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියගිය නාවික සෙබළාට උසස් වීමක් – ඉන්දීය ධීවරයින්ට නඩු
    Featured

    මියගිය නාවික සෙබළාට උසස් වීමක් – ඉන්දීය ධීවරයින්ට නඩු

    By LFNJune 27, 2024No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික හමුදා සෙබළෙකු ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළවලට අලාභහානි සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඉන්දීය ධීවරයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නාවික හමුදාව පවසයි.

    පසුගිය 25 වනදා යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීම යාමේ දී ඉන්දීය ධීවර යාත්‍රාව කලහකාරී ලෙස හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යේෂ්ඨ නාවිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබිණි.

    ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා නාවික හමුදා භාරයට ගෙන තිබූ අතර ඔවුන්ට එරෙහිව මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකිරීම, නාවික හමුදා නිලධාරියෙක් ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට යාපනය, මල්ලාකම් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

    ජීවිතක්ෂයට පත් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර, එම මරණය හදිසි මරණයක් බවත්, මරණයට හේතුව කශේරුකාවට හානි සිදුවීම බවත්, නිගමනය කරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත.

    මියගිය නාවිකයාගේ දේහය ඊයේ (26) අලුයම ඥාතීන් වෙත භාරදී ඇති අතර, අවසන් කටයුතු අද (27) ඉබ්බාගමුව ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව සිදුකිරීමට නියමිතව තිබේ.

    අදාළ සිද්ධියෙන් මියගිය ජ්‍යේෂ්ඨ නාවිකයා සමූහ ප්‍රධාන සුළු නිලධාරී තනතුරට උසස් කිරීමට ද නාවික හමුදා පතිවරයා කටයුතු කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 202505 Views

    හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය…

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.