Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියගිය නාවික සෙබළාට උසස් වීමක් – ඉන්දීය ධීවරයින්ට නඩු
    Featured

    මියගිය නාවික සෙබළාට උසස් වීමක් – ඉන්දීය ධීවරයින්ට නඩු

    By LFNJune 27, 2024No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික හමුදා සෙබළෙකු ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළවලට අලාභහානි සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඉන්දීය ධීවරයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නාවික හමුදාව පවසයි.

    පසුගිය 25 වනදා යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීම යාමේ දී ඉන්දීය ධීවර යාත්‍රාව කලහකාරී ලෙස හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යේෂ්ඨ නාවිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබිණි.

    ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා නාවික හමුදා භාරයට ගෙන තිබූ අතර ඔවුන්ට එරෙහිව මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකිරීම, නාවික හමුදා නිලධාරියෙක් ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට යාපනය, මල්ලාකම් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

    ජීවිතක්ෂයට පත් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර, එම මරණය හදිසි මරණයක් බවත්, මරණයට හේතුව කශේරුකාවට හානි සිදුවීම බවත්, නිගමනය කරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත.

    මියගිය නාවිකයාගේ දේහය ඊයේ (26) අලුයම ඥාතීන් වෙත භාරදී ඇති අතර, අවසන් කටයුතු අද (27) ඉබ්බාගමුව ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව සිදුකිරීමට නියමිතව තිබේ.

    අදාළ සිද්ධියෙන් මියගිය ජ්‍යේෂ්ඨ නාවිකයා සමූහ ප්‍රධාන සුළු නිලධාරී තනතුරට උසස් කිරීමට ද නාවික හමුදා පතිවරයා කටයුතු කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202604 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.