හසලක පොලිස් වසමේ වැල්ගාල ප්‍රදේශයේදී පුපුරනද්‍රව්‍ය තොඟයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය තොඟය සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී ඇමෝනියා කුඩු කිලෝ 01 ග්‍රෑම් 550ක්, සෙන්ටිමීටර් 116ක් දිග සේවා නූලක් සහ ඩෙටනේටර් 03ක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37, 50 හා 60 යන වයස්වල පසුවන මිනිපේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරුවන් මහවැලි ගඟේ මසුන් මැරීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් ඇති බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.