Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසියට දැමූ සෙල්ලම – තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට
    Featured

    පොලීසියට දැමූ සෙල්ලම – තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNJune 23, 2024No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ බවට සැක කෙරෙන රුපියල් කෝටි 1 1/2ක් පමණ වටිනා අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි තුනක් ධාවනය කරමින් සිටි තරුණයන් තිදෙනෙක් පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගේ පුතෙකුද සිටින බව පොලීසිය කීය.

    යතුරුපැදි තුනෙන් දෙකක ලියාපදිංචි අංක තහඩු සවිකර තිබූ අතර එම එක් යතුරු පැදියක සවිකර ඇත්තේ අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ මවකගේ නමට ලියාපදිංචි කර ඇති ස්කූටර් යතුරු පැදියක ලියාපදිංචි අංක තහඩුව බව පොලීසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය විය.

    බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත පොසොන් පොහෝ දින රාත්‍රී යොදා තිබූ රථ වාහන පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව පැපිලියාන හන්දියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 98537 බුද්ධික නිලධාරියා බොරලැස්ගමුව දෙස සිට කොළඹ දෙසට පැමිණි රථවාහන මාර්ග සංඥාවලට අවනතව පැපිලියන හන්දියේ නැවැත්වීමේදී ඒ දෙස විමසිලිමත් වී ඇති අතර එයින් එක් යතුරුපැදියක ලියා පදිංචි අංක තහඩු නොමැති බවට දැක එම යතුරුපැදිය අසලට යාමේදී යතුරුපැදිකරු එකවරම එය වමට හරවා දෙහිවල දෙසට පළා ගොස් තිබූ බව පොලීසිය කියයි.

    එසැනින් ක්‍රියාත්මක වූ කොස්තාපල්වරයා සෙසු යතුරුපැදි දෙකේ යතුරු ඔහු භාරයට ගෙන ඒ බව ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමත් සමගම තවත් නිලධාරීන් කීහිප දෙනෙකු සමග එම ස්ථානයට වහා ගිය ස්ථානාධිපතිවරයා තරුණයන් ලවා දුරකථන ඇමතුම් ලබාදී පළා ගිය තරුණයා ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 20ත් 26ත් අතර පසුවන බොරලැස්ගමුව, පානදුර හා කොළඹ දෙක යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ය

    ඔවුන් තිදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඉදිරි දිනක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.