Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රී හැදූ මෙත්සිරිපාය සුදු අලියෙක් ?
    Featured

    මෛත්‍රී හැදූ මෙත්සිරිපාය සුදු අලියෙක් ?

    By LFNJune 23, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොදු මහජනතාවට යහපත සැලසීමේ අරමුණින් ක්‍රියාවට නැංවෙන සංවර්ධන ව්‍යාපෘති භාවිතයට නොගෙන අතහැර දමන අවස්ථාද නිරන්තරයෙන් වාර්තා වෙයි.

    වසර 8කට ආසන්න කාලයක් මුළුල්ලේ භාවිතයට නොගෙන අතහැර දමා ඇති පොළොන්නරුව මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයද ඊට කදිම නිදසුනකි.‍

    රුපියල් මිලියන 1500ක වියදමින් පොළොන්නරුව මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වන්නේ 2016 දෙසැම්බර් 16 වැනිදාය.

    ඒ හිටපු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව 2015 “යළි පිබිදෙමු පොළොන්නරුව රජරට නවෝදය” ජනපති වැඩසටහන යටතේය.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයකට ගෙනඒම එහි අරමුණ විය.

    නමුත්, මෙහි ඉදිකිරීම් සිදුකිරීමට තිබියදීත් උතුරුමැද ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය පමණක් සකසා එය 2019 නොවැම්බර් පළමුවැනිදා ජනතා අයිතියට පත්කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණි.

    එතැන් පටන් අවස්ථා ගණනාවකදී එම පරිපාලන සංකීර්ණයේ නඩත්තු කටයුතු සිදුකෙරුණද එහි අද පරවියන්ගේ රජ දහනක් බවට ද මෙහි ඇතැම් ස්ථාන පත්ව තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ මහල් 7කින් යුක්ත ගොඩනැගිලි සංකීර්ණයේ ඉහළ මහලේ සියලු පහසුකම්වලින් යුක්ත ශ්‍රවනාගාරයක් සහ රංග ශාලාවක්ද ඉදිකර ඇති බවය.

    නමුත්, මෙම ස්ථානයේ වායු සමීකරණ පහසුකම් නොමැති වීම නිසා ඊට යා නොහැකි බවට නිලධාරීන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව ඔවුන්ට සිදුව ඇත්තේ කුලී මුදල් ගෙවමින් වෙනත් ස්ථානවල කාර්යාල පවත්වාගෙන යෑමටය.

    රාජ්‍ය සේවකයා විසින් පොදු මහජනතාව වෙත ඉටුකරනු ලබන සේවයේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙය ස්ථාපිත කෙරුණත් අද වනවිට සිදුව ඇත්තේ එම අපේක්ෂාවන් බිඳවැටීමය.

    එබැවින්, ජනතා බදු මුදලින් ඉදිකර භාවිතයට නොගෙන අතරහැර දමා ඇති මෙවැනි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමුකිරීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේ ද?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.