Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රී හැදූ මෙත්සිරිපාය සුදු අලියෙක් ?
    Featured

    මෛත්‍රී හැදූ මෙත්සිරිපාය සුදු අලියෙක් ?

    By LFNJune 23, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොදු මහජනතාවට යහපත සැලසීමේ අරමුණින් ක්‍රියාවට නැංවෙන සංවර්ධන ව්‍යාපෘති භාවිතයට නොගෙන අතහැර දමන අවස්ථාද නිරන්තරයෙන් වාර්තා වෙයි.

    වසර 8කට ආසන්න කාලයක් මුළුල්ලේ භාවිතයට නොගෙන අතහැර දමා ඇති පොළොන්නරුව මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයද ඊට කදිම නිදසුනකි.‍

    රුපියල් මිලියන 1500ක වියදමින් පොළොන්නරුව මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වන්නේ 2016 දෙසැම්බර් 16 වැනිදාය.

    ඒ හිටපු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව 2015 “යළි පිබිදෙමු පොළොන්නරුව රජරට නවෝදය” ජනපති වැඩසටහන යටතේය.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයකට ගෙනඒම එහි අරමුණ විය.

    නමුත්, මෙහි ඉදිකිරීම් සිදුකිරීමට තිබියදීත් උතුරුමැද ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය පමණක් සකසා එය 2019 නොවැම්බර් පළමුවැනිදා ජනතා අයිතියට පත්කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණි.

    එතැන් පටන් අවස්ථා ගණනාවකදී එම පරිපාලන සංකීර්ණයේ නඩත්තු කටයුතු සිදුකෙරුණද එහි අද පරවියන්ගේ රජ දහනක් බවට ද මෙහි ඇතැම් ස්ථාන පත්ව තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ මහල් 7කින් යුක්ත ගොඩනැගිලි සංකීර්ණයේ ඉහළ මහලේ සියලු පහසුකම්වලින් යුක්ත ශ්‍රවනාගාරයක් සහ රංග ශාලාවක්ද ඉදිකර ඇති බවය.

    නමුත්, මෙම ස්ථානයේ වායු සමීකරණ පහසුකම් නොමැති වීම නිසා ඊට යා නොහැකි බවට නිලධාරීන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව ඔවුන්ට සිදුව ඇත්තේ කුලී මුදල් ගෙවමින් වෙනත් ස්ථානවල කාර්යාල පවත්වාගෙන යෑමටය.

    රාජ්‍ය සේවකයා විසින් පොදු මහජනතාව වෙත ඉටුකරනු ලබන සේවයේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙය ස්ථාපිත කෙරුණත් අද වනවිට සිදුව ඇත්තේ එම අපේක්ෂාවන් බිඳවැටීමය.

    එබැවින්, ජනතා බදු මුදලින් ඉදිකර භාවිතයට නොගෙන අතරහැර දමා ඇති මෙවැනි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමුකිරීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේ ද?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.