ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගෑවීමෙන් සමෙහි ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් පානදුර මුහුදේ දියනාමින් සිටි දස දෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය පවසයි.
මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැවුණු ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව තිබේ.
පොලීසිය පැවසුවේ මෙම පිරිස ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට යොමුකල බවය.