Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කලා වැවට පැන්න නිධන් හොරු
    Featured

    කලා වැවට පැන්න නිධන් හොරු

    By LFNJune 20, 2024No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ධාතුසේන රජතුමා විසින් කරවන බවට සැලකෙන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිධන් වස්තු කිසියම් පිරිසක් සොරා ගෙන ඇතැයි ඉපලෝගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගනිමින් ගල විද අදාළ නිධන් වස්තු රැගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

    කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේ ම අධි ආරක්ෂිත කලාපයේ මෙම සොරකම සිදුව තිබේ.

    මෙම සොරකම මහවැලියේ ඇතැම් නිලධාරීන් විසින් යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කරති.

    බෝවතැන්න ජලාශ භාරා ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් අප කළ විමසීමේදී කියා සිටියේ, තමන්ට ද ඊයේ (19) උදෑසන මෙම සිදුවීම පිළිබඳව දැන ගැනීමට හැකි වූ බවත්, මේ හේතුවෙන් වැවේ වානට ද දැඩි බලපෑම් එල්ලවන නිසා වහාම නිලධාරීන් යොදවා පොලීසියට පැමිණිලි කරන ලෙස තමන් උපදෙස් දුන් බවත් ඒ මහතා පැවසීය.

    කලා වැව මහවැලි අධිකාරියෙන් පාලනය වන ස්ථානයක් වූ නමුත් මෙහි ආරක්ෂිතය කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයෙකුට අවසර ලබාදී ඇති බව ද වාර්තා වේ.

    එම අවසරය ලබාගත් පුද්ගලයින් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රැගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තැනීම, එම ස්ථානවල නැවතී රැය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් බෝට්ටු සවාරි අනුමත කරගෙන ආරම්භ කරන්නට වූයේ මෙම නිධන් වස්තු සොරා ගැනීමට බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා එල්ල කරයි.

    එමෙන්ම මෙම ස්ථානයට රැය පහන් කිරීම සඳහා අවසර ලබා දුන්නේ කවුරුන්ද? අධි ආරක්ෂිත කලාපයක්‌ව පවතින වනජීවී බලප්‍රදේශයක් වන මෙම ස්ථානයට කිසිදු අවසරයකින් තොරව පිටස්තර පුද්ගලයෙකුට පැමිණීමට නොහැකි බවත් බෝට්ටු සේවාවන් පයන මුවාවෙන් මෙම නිධන් ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 202505 Views

    හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය…

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.