Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කලා වැවට පැන්න නිධන් හොරු
    Featured

    කලා වැවට පැන්න නිධන් හොරු

    By LFNJune 20, 2024No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ධාතුසේන රජතුමා විසින් කරවන බවට සැලකෙන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිධන් වස්තු කිසියම් පිරිසක් සොරා ගෙන ඇතැයි ඉපලෝගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගනිමින් ගල විද අදාළ නිධන් වස්තු රැගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

    කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේ ම අධි ආරක්ෂිත කලාපයේ මෙම සොරකම සිදුව තිබේ.

    මෙම සොරකම මහවැලියේ ඇතැම් නිලධාරීන් විසින් යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කරති.

    බෝවතැන්න ජලාශ භාරා ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් අප කළ විමසීමේදී කියා සිටියේ, තමන්ට ද ඊයේ (19) උදෑසන මෙම සිදුවීම පිළිබඳව දැන ගැනීමට හැකි වූ බවත්, මේ හේතුවෙන් වැවේ වානට ද දැඩි බලපෑම් එල්ලවන නිසා වහාම නිලධාරීන් යොදවා පොලීසියට පැමිණිලි කරන ලෙස තමන් උපදෙස් දුන් බවත් ඒ මහතා පැවසීය.

    කලා වැව මහවැලි අධිකාරියෙන් පාලනය වන ස්ථානයක් වූ නමුත් මෙහි ආරක්ෂිතය කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයෙකුට අවසර ලබාදී ඇති බව ද වාර්තා වේ.

    එම අවසරය ලබාගත් පුද්ගලයින් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රැගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තැනීම, එම ස්ථානවල නැවතී රැය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් බෝට්ටු සවාරි අනුමත කරගෙන ආරම්භ කරන්නට වූයේ මෙම නිධන් වස්තු සොරා ගැනීමට බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා එල්ල කරයි.

    එමෙන්ම මෙම ස්ථානයට රැය පහන් කිරීම සඳහා අවසර ලබා දුන්නේ කවුරුන්ද? අධි ආරක්ෂිත කලාපයක්‌ව පවතින වනජීවී බලප්‍රදේශයක් වන මෙම ස්ථානයට කිසිදු අවසරයකින් තොරව පිටස්තර පුද්ගලයෙකුට පැමිණීමට නොහැකි බවත් බෝට්ටු සේවාවන් පයන මුවාවෙන් මෙම නිධන් ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.