කොකේන් මත්ද්‍රව්‍ය සමග උගන්ඩා ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (08) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකරු 31 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු වන අතර ඔහු එම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිල කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසයි.
සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගිල දමා තිබූ කොකේන් ගුලි 14ක් පිටතට ගෙන ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකරයි.
