බන්ධනාගාරගත කෙරුණු මුණසිංහ කොඩිකාරලාගේ චමින්ද නොහොත් “කුකුළ් චමින්ද” රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරීනගේ ආරක්ෂාව යටතේ නේවාසිකව රඳවා සිටි අතර, සැකකරු ඊයේ (08) දින නැවත අනුරාධපුර බන්ධනාගාරය වෙත ඇතුළත් කෙරුණි.
ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ මෙම සැකකරුට බන්ධනාගාරය තුළදී නේවාසිකයින් පිරිසක් පහර දුන් බවට වාර්තා පළවී ඇති බවය.
ඒ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වාර්ථාවක් කැඳවු අතර, බන්ධනාගාරය තුළදී සැකකරුට නේවාසිකියින් විසින් කිසිදු පහරදීමක් සිදු කර නොමැති බව වාර්ථා කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායාක මහතා පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයනේ ජේලර්වරයෙකු මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.