මියන්මාරයේ ත්‍රස්ත කඳවුරු 03ක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීම සඳහා ඊයේ (08) රාත්‍රියේ එරටට යෑමට සුදානමින් පසුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසයි.
එමෙන්ම තායිලන්ත රජය සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.