Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    November 10, 2025

    දින 4ක් තුළ 1818ට පැමිණිලි 800ක්

    November 10, 2025

    පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙහෙළිය ගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය
    Featured

    කෙහෙළිය ගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

    By LFNJune 6, 2024No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ඊයේ (05) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.

    මෙහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

    එසේ තිබියදී පෙත්සම්කරු දිගින් දිගටම පොදු දේපොළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීමට අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

    පොදු දේපොළ පනත යටතේ යම් සැකකරුවකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාව ලැබෙන්නේ නඩු විභාගය ආරම්භවීමෙන් පසුව මහාධිකරණයට පමණක් බවත් මෙම නඩුකරයට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය තම සේවාදායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දුන් නියෝගය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකාබැලීම මේ මස 10 වනදා තෙක් කල් තැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    November 10, 2025

    දින 4ක් තුළ 1818ට පැමිණිලි 800ක්

    November 10, 2025

    පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    November 10, 20250122 Views

    අලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල…

    දින 4ක් තුළ 1818ට පැමිණිලි 800ක්

    November 10, 2025

    පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

    November 10, 2025

    බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.