පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිසිදු වීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදාමක් මතුව ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කළේ, හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසය.
“මේ දවස්වල ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම හේතුවෙන් පාචනය හා මී උණ වැනි බෝවන රෝග පැතිර යෑමේ අවධානමක් තියෙනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය පානය කරන්න. පලතුරු, එළවළු සහ පළාවර්ග භාවිතයට පෙර ඉතා හොඳින් පිරිසිදු ගත යුතුයි. මේ දිනවල පමණක් හැකිතාක් දුරට අමු එළවළු හා පළා වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. හොඳින් පිසගත් ආහාර පමණක් ලබාගන්න. පිටතින් ලබාදෙන ආහාර කල් නොයවා ඉක්මනින් ආහාරයට ගත යුතුයි. ආහාර පිළියෙල කරගත් පසු මැස්සන්ගෙන් ආරක්ෂා කරගන්න. ගංවතුර පැවති ප්‍රදේශවල ළිං නැවත භාවිතයට පෙර ඉස පිරිසිදු කර ක්ලෝරීන් යොදා පිරිසිදු කළ යුතු නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් මේ පිළිබඳ උපදෙස් ලබාගත යුතුයි.”