Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලේ දෙමස්සිනාලා එක්ව කළ අපරාධ සියල්ල හෙළිවෙයි
    Featured

    පාතාලේ දෙමස්සිනාලා එක්ව කළ අපරාධ සියල්ල හෙළිවෙයි

    By LFNJune 1, 2024No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ඩුබායිහි සිට ඊයේ (31) දිවයිනට රැගෙන එනු ලැබීය‍.

    ඒ අලුයම 05.45ට පමණය.

    ඔහු රැගෙන එනු ලැබුවේ ඒ සඳහා ඩුබායි රාජ්‍ය බලා පසුගිය (30) පිටත්ව ගිය ත්‍රස්ත මර්දන කොට්ඨාස නිලධාරී කණ්ඩායමක් විසිනි.

    කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය තුළ සැකකරු කෙටි වේලාවක් රඳවාගෙන මූලික ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

    අනතුරුව ඔහු කොළඹ ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙත රැගෙන ආ අතර මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

    මිදිගම රුවන් මීට මසකට පමණ ඉහතදී ඩුබායීහී රාත්‍රී සාමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර තිබියදීය.

    සැකකරු 2022 වසරේ අගෝස්තු 4 වනදා ගල්කිස්ස අධිකරණයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ලෙස නම් කෙරුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණේ ඒ අනුවය.

    ඔහු ඩුබායිහි දී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කොස්ගොඩ සුජී නැමැති අපරාධකරු ද ඔහු සමග සිට ඇති බව වාර්තා වේ.

    රුවන්, නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ බිරිඳගේ සහෝදරයා වන අතර ඔහුගේ උපදෙස් මත සිදුකළ අපරාධ රැසකම මහමොළකරු ලෙසත් කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

    හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට ගත් උත්සාහයේ සැලසුම්කරු ලෙසද මිදිගම රුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.