Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගංගා ගැන අනතුරු ඇඟවීමක්
    Featured

    ගංගා ගැන අනතුරු ඇඟවීමක්

    By LFNMay 30, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසන්නේ මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් වියහැකි බවය.

    මේ අතර අද (30) දිනයේත් ගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් වැසි ඇදහැලුණ හොත් එම ගංගා ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බවද දැනුම්දෙයි.

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නොසිතූ ලෙස ගංගාවල ජල මට්ටම ඉහළ යන බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් වියයුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා,

    “කාලගුණික විපර්යාස හෝ වෙනයම් හේතු මත මෑත කාලය තුළදී අපි නිරීක්ෂණය කරනවා… ඉතා කෙටි කාලයක් තුළ අධික වැසි ලැබීම්. ඉතා කෙටි කාලයක් තුළ ලොකු ජල ධාරිතාවක් පොළොවට පතිතවීම තුළ පවතින ජලය ගලායන මාර්ග ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එමනිසා මේ ජලය භූමිය තුළ එකතු වෙනවා. මේක ඉතාම හානි කරයි. මොකද මේක ගැන අපිට අනතුරු අඟවන්න වෙලාවක් නැහැ. කාලයක් ලැබෙන්නේ නැහැ. ක්ෂණිකව සිදුවෙනවා. ඒ නිසා මේ ගැන මහජනතාව අවබෝධයකින් කටයුතු කිරීමෙන් පමණයි හානි අවම කළ හැක්කේ. මේක වැඩිපුරම බලපාන්නේ නාගරික ප්‍රදේශවල. ඉහළ කඳුකර ප්‍රදේශවලත් මේ තත්ත්වය දකිනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.