දඹුල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ සිව්දෙනෙකු මියගොස් ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම සිදුවීම වාර්තාවන්නේ දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයෙනි.
මීට දින දෙකකට පෙර එම නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවද අද දිනයේද එලෙසම මත්පැන් පානය කළ දෙදෙනෙකු මියගිය බවද ප්‍රදේශවාසීන් පවසයි.
මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකකරුවන් අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඬුවම් ලැබ තිබීමද විශේෂත්වයකි.
කලක සිට පවත්වාගෙන යනු ලබන මෙම නීතිවිරෝධී මත්පැන් විකිණීමේ ජාවාරම හේතුවෙන් ප්‍රදේශවාසීන් මේ වනවිට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවටද තොරතුරු වාර්තාවෙයි.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අමතරව රස පරීක්ෂක වාර්තා කැඳවා ඔවුන්ගේ මරණවලට නිශ්චිත හේතු අනාවරණ කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලීසිය පවසයි.
දඹුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.