Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කෙරේ
    Featured

    තවත් කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කෙරේ

    By LFNMay 29, 2024No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාදුක්ක, වටරැක ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

    අද (29) අලුයම් කාලයේදී කිසියම් පුද්ගලයෙකු විසින් එම ඝාතනය සිදුකර ඇත.

    මරණකාරිය යම්කිසි අවශ්‍යතාවයක් සඳහා අලුයම් කාලයේදී නිවසෙහි ඉදිරිපස කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස කිසිවෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇත.

    තියුණු ආයුධ පහරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි එක්දරු මවකි.

    ඝාතනයට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

    මේ අතර, ගලිකිරියාගම පොලිස් වසමේ බණ්ඩාරපතාන ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දී තිබේ.

    පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ ස්ථානයට ගොස් තුවාලකරුවන් දෙදෙනො දඹුල්ල හා ගල්කිරියාගම රෝහල්වලට ඇතුළුත් කිරීමේ දී එක් අයෙක් මිය ගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, 69 හැවිරිදි අයෙකි.

    දෙපාර්ශවයක් අතර ඇති වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් මියගිය පුද්ගලයාට හා ඔහුගේ පුතාට මෙලෙස පහරදී ඇති බවට අනාවරණය වී තිබේ.

    ඝාතනය සම්බන්ධයෙන් 42 හැවිරිදි හා 62 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.