Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාතර බිලිඳාගේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්
    Featured

    මාතර බිලිඳාගේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

    By LFNMay 28, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය බව කියන බිලිඳාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ නියෝග කළේය.

    ඒ සිය බිලිදා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් එම මව්පියන් ඉල්ලා සිටි අවස්ථාවේ රෝහල් අධ්‍යක්ෂවරයා ඊට විරුද්ධවූ බව කියන පසුබිමකය.

    මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රෝහල වෙත පැමිණ, රෝහල් බලධාරීන් මව්පියන්ට පෙන්වූ බව කියන බිළිඳු මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

    එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ද සිදුකරන ලෙසටය.
    ‍
    මාතර වැලිගම පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වැනිදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වුණේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහාය.

    මදුෂානි රෝහල් ගතකළ දා ම ඇය දරුවා ප්‍රසූත කළත්, බිලිඳා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් ඇයට දැනුම්දී තිබුණි.

    නමුත් බිලිඳාගේ මව්පියන්ට ඒ පිළිබඳ සැකයක් මතුව ඇත.

    ඒ, මියගිය බව කියූ සිය බිලිඳාගේ මළ සිරුර රෝහල් බලධාරීන් මව්පියන්ට නොපෙන්වීම සහ මේ පිළිබඳ බලධාරීන් කළ බව කියන පරස්පර ප්‍රකාශ හේතුවෙනි.

    බිලිඳු මරණයකදී රෝහලක් අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදය කුමක්දැයි අප ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුගෙන් විමසුවේය.

    එහිදී ඔහු කියා සිටියේ මළ සිරුර පිළිබඳ ඉදිරි කටයුතු ගන්නා ආකාරය පිළිබඳ රෝහලක් අනිවාර්යයෙන්ම මව්පියන්ගේ කැමැත්ත විමසන බවය.

    එවන් පසුබිමක මෙම මව්පියන්ට දරුවා සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් තොරතුරු වසන් කිරීමක් කළාද?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බස් – ලොරි අනතුරක්

    November 10, 20250124 Views

    බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක්…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.