ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විදේශිකයෙකුට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි යකැදුරෙකි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් සිදුකළ මෙහෙයුමකදී සැකකාර යකැදුරාව අත්අඩංගුවට ගෙන තිබේ.
අඩි 3ක පමණ උසකින් සහ කිලෝග්‍රෑම් 48ක බරකින් යුත් පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලකට විදේශිකයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම බුද්ධ ප්‍රතිමාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් සම්බුද්ධ ශාසනයට පූජා කරන ලද්දක් බවට සැලකෙයි.