Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිලිඳා ප්‍රසූතියේදී මැරුණා ද ? අතුරුදන් කළා ද ?
    Featured

    බිලිඳා ප්‍රසූතියේදී මැරුණා ද ? අතුරුදන් කළා ද ?

    By LFNMay 27, 2024No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රසූතියේ දී මියගිය බව කියන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරයි.

    ඔවුන් පවසන්නේ මෘතදේහය සම්බන්ධයෙන් අවස්ථා තුනක දී රෝහල් කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවය.

    මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වනදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්ව තිබුණේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහාය.

    මදුෂානි එම රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පෞද්ගලික වෛද්‍ය සායනයකට එක්ව ඇති අතර, දරු ප්‍රසූතිය සඳහා අදාළ රෝහල තෝරාගෙන ඇත්තේද ඒ අනුවයි.

    බිලිඳා කුස තුළ නිරෝගී තත්ත්වයෙන් පසුවන බවට පෞද්ගලික සායනයේ දී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී මෙන්ම දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත්වූ දිනයේ සිදුකළ ස්කෑන් පරීක්ෂණයෙන් ද තහවුරු වී ඇත.

    මදුෂානි රෝහල් ගතකළ ඉකුත්දින රාත්‍රියේම ඇය සිය කුළුඳුල් දරුවා මෙලොවට බිහිකළ නමුත්, ඉන් අනතුරුව බිලිඳා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් දැනුම්දී ඇත.

    රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති දේහය මිහිදන් කිරීම සඳහා මාතර නගර සභාවට රුපියල් 2500ක මුදලක් ගෙවා රිසිට් පතක් රැගෙන පැමිණෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ඥාතීන්ට පවසා තිබේ.

    ඒ අනුව නගර සභාවට අදාළ මුදල ගෙවීමටත් ඔවුන් පියවර ගෙන තිබුණි.

    බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම සම්බන්ධයෙන් ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබුණේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවය.

    මියගිය බිලිඳාගේ මෘතදේහය හෝ ලබාගැනීමේ අදහසින් පසුගිය (25) රාත්‍රිය වන තුරුම ඥාතීන් රෝහල් භූමියෙහි රැඳී සිටි නමුත් මෘතදේහය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් සමත්වී නැත.

    එවන් පසුබිමක, මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීම සඳහා අප රෝහල් බලධාරීන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සහ දැරුවද කිසිවෙකුත් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.