Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකාවෙන් පැන්න ISIS ත්‍රස්තයින් ගැන අලුත් තොරතුරු
    Featured

    ලංකාවෙන් පැන්න ISIS ත්‍රස්තයින් ගැන අලුත් තොරතුරු

    By LFNMay 26, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනාට සම්බන්ධ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

    මේ අතර ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් පුද්ගලයින් මෙරට තුළ සිටින බව අනාවරණ කරගැනීම සඳහා ආරක්ෂක අංශ මගින් විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.

    පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අදාළව ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ සැකකටයුතු පුද්ගලයෙකු සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

    ඒ අනුව සැකකරුගේ රූපරාමු කිහිපයක් සහ ඡායාරූපයක් ද පොලීසිය ඊයේ (25) මාධ්‍යයට නිකුත් කළේය.

    46 හැවිරිදි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් එම සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අඩි 05යි අඟල් 06ක් පමණ උස පුද්ගලයෙකි.

    එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ 071-8591753 දුරකථන අංකයට හෝ එහි ස්ථානාධිපතිවරයාගේ 071-8591774 අංකයට දැනුම් දෙන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ විස්සක ත්‍යාග මුදලක් පිරිනමන අතර තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

    ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයා කම්කරු (නාට්ටාමි) රැකියාවේ නිරත අයෙක් බවද පොලීසිය සඳහන් කළේය.

    පසුගියදා මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

    මෙවන් පසුබිමක පසුගිය 23 වනදා විදෙස්ගත වීමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ 34 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි රඳවා ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ප්‍රශ්න කර තිබුණි.

    ඒ ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් එක් ත්‍රස්තයකු සමග පිරිස ඉන්දියාවට පිටව යාමට පෙර දින දුරකථනයෙන් කතාබහ කර ඇති බව හා සමීප සබඳතා පවත්වා ඇති බව අනාවරණ වීමත් සමඟිනි.

    ඒ අනුව අදාළ පුද්ගලයාට යළිත් එළැඹෙන සඳුදා කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

    මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ ද පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාගේ නම් ඇතුළත්ය.

    එම සිව්දෙනා අන්තවාදීන් සමග සමීප සබඳතා පවත්වා ඇති හෙයින් ඔවුන්ව පුනුරුත්ථාපනය සඳහා යොමුකරන ලෙස එමගින් නිර්දේශ කර තිබුණි.

    එමෙන්ම මේ වනවිට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය භාරයේ රඳවා ප්‍රශ්න කරන ත්‍රස්තයින්ගේ සහ ISIS සංවිධානයේ අනුගාමිකයින් මෙරට තුළ සිටින්නේදැයි තහවුරු කරගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

    කෙසේවෙතත්, පාස්කු කොමිසමේ වාර්තාවෙන් අවධානය යොමුකළ යුතු නාමලේඛනයක් ඉදිරිපත් කර තිබුණත් එම පිරිස සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානයෙන් නොසිටි බවට ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    ඉන්දියාවේදී ත්‍රස්තයින් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වනවිට යළිත් ඒ පිළිබඳ අවධානය යොමුවී ඇති අතර පාස්කු කොමිසමේ නම් ඇතුළත් පිරිස සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නැයි පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

    එමෙන්ම එම පිරිසට ප්‍රබල දේශපාලන සබඳතා ඇත්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.