අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට හඳුනාගෙන තිබූ කටුගහහේන ඩන්කන් නමැත්තාට අයත් බවට සැක කෙරෙන ගිනිඅවියක් වළදමා තිබියදී සොයාගෙන ඇත.
මතුගම ප්රදේශයේ සිටි කටුගහහේන ඩන්කන් නමැත්තාව 2020 වසරේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබුණි.
ඔහු සතුව ගිනිඅවියක් තිබූ බවට දීර්ඝ කාලයක සිට සිදුකළ විමර්ශනවලට අනුව මෙම ගිනිඅවිය සොයාගෙන ඇත.
ඒ, මැණික්ගොඩ ප්රදේශයේ බෝතලයක් තුළ දමා ඇළ ඉවුරක වළදමා තිබියදී ය.
සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ 16වන ඒකකයේ පොලිස් කොස්තාපල් ප්රභාත් මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.
මෙලෙස සොයාගෙන ඇත්තේ මිලිමීටර් 8 ස්වයංක්රීය ගිනිඅවියක් වන අතර එම ගිනිඅවියට යොදන මැගසීනයද හමුවී ඇත.
අදාළ ගිනිඅවිය මනා ක්රියාකාරීත්වයේ පවතින ගිනිඅවියක් බවට පොලීසිය හඳුනාගෙන ඇති අතර ඒ අනුව එය පුද්ගල ඝාතන සඳහා යොදා ගත්තේය යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකය.