Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
    Featured

    ශ්‍රී පාද වන්දනා වාරය අවසන්

    By LFNMay 25, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023-2024 වර්ෂය සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් විමත් සමඟ ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කිරීම ඊයේ (24) සිදුකෙරිණි.

    ඉන් එක් පෙරහරක් ශ්‍රී පාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් තවත් පෙරහරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ත් වැඩම කළ අතර, තවත් පෙරහරක් ශ්‍රී පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසයි.

    නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ සිට කරඬුන් වහන්සේ නමක් රැගත් තවත් පෙරහැරක් බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරිණ.

    මාර්ග හතරක් ඔස්සේ වැඩම කරනු ලැබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ඊයේ රාත්‍රියේ සිට අද (25) දහවල් වන තෙක් පැල්මඩුල්ල ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේ තැන්පත් කර විශේෂ දේව පුජාවන් ගණනාවක් පවත්වයි.

    පසුව අද දිනයේ පස්වරුවේ රිය පෙරහැරකින් එසේ වැඩම කළ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කරන තබන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.