Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
    Featured

    ශ්‍රී පාද වන්දනා වාරය අවසන්

    By LFNMay 25, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023-2024 වර්ෂය සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් විමත් සමඟ ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කිරීම ඊයේ (24) සිදුකෙරිණි.

    ඉන් එක් පෙරහරක් ශ්‍රී පාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් තවත් පෙරහරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ත් වැඩම කළ අතර, තවත් පෙරහරක් ශ්‍රී පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසයි.

    නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ සිට කරඬුන් වහන්සේ නමක් රැගත් තවත් පෙරහැරක් බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරිණ.

    මාර්ග හතරක් ඔස්සේ වැඩම කරනු ලැබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ඊයේ රාත්‍රියේ සිට අද (25) දහවල් වන තෙක් පැල්මඩුල්ල ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේ තැන්පත් කර විශේෂ දේව පුජාවන් ගණනාවක් පවත්වයි.

    පසුව අද දිනයේ පස්වරුවේ රිය පෙරහැරකින් එසේ වැඩම කළ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කරන තබන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.