Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ISIS එකට බැඳුණු ලාංකිකයන්ගේ තොරතුරු එළියට
    Featured

    ISIS එකට බැඳුණු ලාංකිකයන්ගේ තොරතුරු එළියට

    By LFNMay 24, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ.

    ඉන්දියාවේදී අත්අඩංගුවට පත් සිව්දෙනා අතර සිටින මොහමඩ් නුෆ්රාන් නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍රයෙකු බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරයි.

    ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායමක් පත්කරනු ලැබීය.

    ඊට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළත් අතර අදාළ විමර්ශන කණ්ඩායම මගින් මේ වන විට ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තිබේ.

    එවන් පසුබිමක අදාළ පුද්ගලයන් සිව්දෙනා මෙරට තුළ සබඳතා පැවැත්වූ පිරිස් පිළිබඳව වෙනමම විමර්ශනයක් මේ වනවිටත් අරඹා අවසන් ය.

    එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ.

    ඔහු විසින් අදාළ පිරිසට ගුවන් ටිකට්පත් ලබාදීම ඇතුළු විවිධ අධාර උපකාර ලබාදුන් අයෙක් බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

    සැකකරු මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන අඛණ්ඩව ප්‍රශ්න කිරීම් සිදුකරයි.

    මේ අතර අදාළ ISIS සාමාජිකයන් සිව්දෙනා පසුගිය 19වනදා රාත්‍රියේ මෙරටින් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා චෙන්නායි වෙත ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    එමෙන්ම වෙනත් ගුවන්යානාවලින් තවත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් ඉන්දියාවට ගියේද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකය.

    ඉන්දියාවේදී අත්අඩංගුවට පත් මොහමඩ් නුෆ්රාන් නැමැත්තා 40 වරක් ඉන්දියාවට පැමිණ ඇති අතර මොහොමඩ් නුස්රාත් 38 වරක් ඉන්දියාවට ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මොහමඩ් රස්දීන් සහ මොහමඩ් ෆාරීස් නම් දෙදෙනා ඉන්දියාවට ගොස් ඇත්තේ පළමුවරටය.

    එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනාටම මීට පෙරත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව විමර්ශනවලදී වැඩි දුරටත් අනාවරණ වී ඇත.

    පසුගිය පෙබරවාරි මාසයේ සිට පාකිස්තානයේ ISIS නායකයා වන අබු සමග සබඳතා පවත්වන අත්අඩංගුවට ගත් පිරිස එතැන් පටන් අඛණ්ඩව සමාජ මාධ්‍ය හරහා ඔහු සමග සබඳතා පවත්වා ඇති බව සඳහන් ය.

    ඉන්දිය ත්‍රස්ත මර්දන ඒකකයේ පරීක්ෂණවලදී අනාවරණ කරගෙන ඇත්තේ, යුදෙව්වන්, කිතුනුවන් සහ ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකයින් ඉලක්ක කිරීම ත්‍රස්තයින් පිරිසගේ අරමුණ වී තිබූ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.