Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තුවක්කු ආඥා පනත සංශෝධනය කිරීමට අනුමැතිය
    Featured

    තුවක්කු ආඥා පනත සංශෝධනය කිරීමට අනුමැතිය

    By LFNMay 24, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගිනිඅවි බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කිරීමේ අරමුණින් තුවක්කු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇති බව සඳහන් ය.

    1916 අංක 33 දරන තුවක්කු ආශා පනත හා 1996 අංක 22 දරන තුවක්කු සංශෝධන පනතේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බලපත්‍ර මත ගිනිඅවි නිකුත් කිරීම සිදුකරනු ලබන අතර ඒ සඳහා වාර්ෂික බද්දක් අය කිරීම සිදු වෙයි.

    මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති ගිනිඅවි ප්‍රමාණය 34,318ක් වන අතර බලපත්‍ර ගාස්තු වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 45ක් පමණ මුදලක් මහා භාණ්ඩාගාරය වෙත බැර කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

    කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අදාළ පනත් සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින නමුත් එම සංශෝධන සිදුකරන තෙක් අදාළ බලපත්‍ර ගාස්තු වත්මන් අවශ්‍යතා අනුව සශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා තුවක්කු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.