Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික රෝහලේ දී එන්නතක් තවත් ජීවිතයක් බිලිගනී
    Featured

    ජාතික රෝහලේ දී එන්නතක් තවත් ජීවිතයක් බිලිගනී

    By LFNMay 23, 2024Updated:May 23, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ ජාතික රෝහලට පිළිස්සුම් තුවාල ලබා ඇතුළත් කළ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධය ලබා දී ඇති බව වාර්තා වේ.

    එන්නත ලබාදීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇති බව සඳහන්ය.

    මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව වාර්තා වේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කොළඹ ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළේය.

    ඔහු සඳහන් කළේ, අදාළ පුද්ගලයාගේ මරණය පිළිබඳව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

    ප්‍රතිජීවක ඖෂධය ලබාදීම හේතුවෙන් එම මරණය සිදුවී ඇත් ද එසේත් නැතිනම් ඊට වෙනත් හේතුවක් බලපා ඇත් ද යන්න පිළිබඳ එහිදී අනාවරණය කරගත හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

    කෙසේවෙතත් මියගිය රෝගියාට ලබාදුන් බව කියන ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මේ වන විටත් භාවිතයෙන් ඉවත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.