Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාලගුණයෙන් රතු නිවේදනයක්
    Featured

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    By LFNMay 23, 2024No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    අද (23) රාත්‍රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට අදාළ රතු නිවේදනය නිකුත් කර තිබේ.

    එම ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසත් හෙට (24) වන විට පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශය හරහා පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඉන්පසුව එය බෙංගාල බොක්ක ඊසාන දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වේ.

    ඒ වනවිට දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් ගිනිකොණදිග අරාබි සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් ඉතා තද සුළං පැ.කි.මී 60 – 70 දක්වා ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකිය.

    එමෙන්ම ඉහත සිතියමේ දැක්වෙන මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවිකයින්ට හා ධීවරයින්ට දැනුම්දී තිබේ.

    දැනට එම ප්‍රදේශවල සිටින අයට වහාම ගොඩබිමට පැමිණෙන ලෙසත් ඉදිරි නිවේදන ගැන සැලකිලිමත් වන ලෙසත් දැනුම්දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.