Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 2025

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී
    Hot News

    ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී

    By LFNMay 20, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි.

    මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, වාතාවරණය ‘යහපත් නොවන’ බවය.

    “ජීවතුන් අතර කිසිවෙකු හෝ සිටින බවට සේයාවක් නොමැත” යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වා තිබේ.

    ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (19) එක්ව තිබිණි.

    එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙළිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අධික වැසි සහ සුළං තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සාකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳුකර වනාන්තර කලාපයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

    ඒ අනුව ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය හෝ පිරිස සොයාගැනීමට පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ඉරාන ජනාධිපතිවරයාට අමතරව එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හදිසි ගොඩබෑම අවස්ථාවේ යානය තුළ සිට ඇති බව වාර්තා වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

    December 3, 2025

    ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් අතුරුදන්

    December 2, 2025

    ආපදා මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 20250129 Views

    දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී…

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

    December 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.