Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුසියානු යුද පුහුණු පාසලේ ඉන්න අපේ අය ගැන හෙළිදරව්වක්
    Featured

    රුසියානු යුද පුහුණු පාසලේ ඉන්න අපේ අය ගැන හෙළිදරව්වක්

    By LFNMay 19, 2024No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියානු – යුක්‍රේන යුද පෙරමුණුවලට අනීතික ලෙස ගොස් දරුණු ලෙස තුවාල ලබා දිවි බේරාගෙන යළි මෙරටට පළා ආ විශ්‍රාමික සෙබළුන් කිහිපදෙනෙකු තමන් මුහුණදුන් බිහිසුණු හා අමිහිරි අත්දැකීම් ගැන මාධ්‍යට අනාවරණය කළේය.

    ඔවුන් පවසන්නේ, ඉහළ වැටුප් හා විවිධ පහසුකම් ලබාදෙන බව පවසා තමන්ව එරටට යොමු කළත් ඒ කිසිවක් නිසි ආකාරයෙන් නොලැබුණු බවය.

    කොමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර 22ක කාලයක් සේවය කර විශ්‍රාම ගොස් රුසියාවට ගිය පසුව එරට කුලී හමුදාවට සම්බන්ධවී යළි මෙරටට පැමිණි මොනරාගල – දඹගල්ල ප්‍රදේශයේ පදිංචි ලලිත් ශාන්ත මාධ්‍යට සිය අත්දැකීම් විස්තර කළේය.

    “16 දෙනෙත් විතර ගියා… එක එක තැන්වලට දැම්මා. ඒ තැනින් ඉදිරි ආරක්ෂක පෙළට දැම්මා. මෝටාර් ප්‍රහාරයක් එල්ල වුණා. උරහිසට, දණහිසට හා යටිපතුට වැදුණා. කිලොමීටර් 8ක් විතර මම කකුල ඇදගෙන ආවේ. එහෙ තියෙන්නේ තාක්ෂණික යුද්ධයක්. ඒක ජයගන්න අපිට අමාරුයි. කෑම හරියට දෙන්නේ නැහැ. පහසුකම් නැහැ. ටෙන්ට් ගහන් හට් ඇතුළේ ඉන්න තියෙන්නේ. අධික සීතලයි. බොහොම දුෂ්කරය ජීවිතයක් ගත කළේ. කිව්වේ පුරවැසිභාවය දෙනවා, දරුවන්ට ඉගෙන ගන්න පහසුකම් දෙනවා, ඒ අය ගොඩක් දේවල් කිව්වා. ඒත් ඒ කිසිම දෙයක් ලැබුණේ නැහැ.”

    එමෙන්ම වැලිගම, දෙණිපිටියේ පදිංචි චන්දන බණ්ඩාර ද රුසියානු යුද පෙරමුණේදී තුවාල ලබා දුෂ්කරතා රැසක් මැද යළි මෙරටට පැමිණි අයෙකි.

    “යුද්ධයට දාන්නේ නැහැ කියලා අපිව අරගෙන ගියා පුහුණු පාසලකට. 150ක් 200ක් විතර අපේ ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් ඒ පාසලේ පුහුණුව ලබමින් සිටියා. ඇති තරම් ආයුධ දුන්නා… නමුත් අපිට කෑමයි වතුරයි දුනේනේ නැහැ. කරුවලේ ට්‍රක් එකක දාගෙන අරන් ගිහිල්ලා කෙළින්ම ලයින් එකට දාලා ඇටෑක් එකට දැම්මා. මගේ කකුල් දෙකට ඩ්‍රෝන එකක් වැදුනා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202605 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.