Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරයි
    Featured

    යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරයි

    By LFNMay 19, 2024No Comments3 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබේ.

    ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් බව වාර්තා වෙයි.

    චන්ද්‍රිකා පෙරේරා, ඇහැලියගොඩ, ඇරෑපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු මවකි.

    පසුගිය කාලය පුරාම ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ ඇය ඊට පිළියම් ලෙස නිරන්තරයෙන්ම ශාන්තිකර්ම සිදුකළ අතර තම පවුලට හිස එසවිය නොහැකි වන තරමටම කිසිවකු සිය පවුලට හූනියමක් සිදුකර ඇතැයි යන විශ්වාසයේ එල්බ තිබුණි.

    ඇය පසුගිය කාලය පුරාම කිරිඇල්ල ප්‍රදේශයේ යකදුරෙකු හමුවට ගියේ එකී හූනියම ඉවත් කර ආරක්ෂාවක් කර ගැනීම සඳහාය.

    රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කරමින් ඇය එම හූනියමක් ඉවත් කරගැනීමට උත්සාහ කළ අතර, යකදුරා විසින් ඇයට රන් සුරයක් ද පළඳවා තිබුණි.

    මේ අතර එම කාන්තාව පසුගිය අප්‍රේල් 24 වැනිදා උදෑසන නිවසෙන් පිටව ගිය පසු ඇය ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා ඇගේ පුතු විසින් ඇහැලියගොඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ තම මව අතුරුදන් වී ඇති බවට සඳහන් කරමිනි.

    ඒ අනුව විමර්ශන ඇරැඹූ ඇහැළියගොඩ පොලීසිය චන්ද්‍රිකාගේ ජංගම දුරකථන අංකය ඔස්සේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන තිබුණි.

    පොලීසියට එහිදී සුවිශේෂි දුරකථන අංකයක් නිරීක්ෂණය වූ අතර, අප්‍රේල් 24 වනදා උදෑසන ඇයගේ දුරකථනයට අදාළ අංකයෙන් ඇමතුම් ගණනාවක් ලැබී තිබුණි.

    එමෙන්ම ඇය ද එම අංකයට ඇමතුම් ලබාගෙන තිබූ බවට පොලීසියට නිරීක්ෂණය වී ඇත.

    එම දුරකථන අංකයේ හිමිකරු කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බව සොයාගත් ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර තොරතුරු සොයා යෑමේදී අනාවරණය වූයේ, එම පුද්ගලයා රන් සුරයක් රන් භාණ්ඩ මිලදීගන්නා ස්ථානයකට විකුණා ඇති බවය.

    පොලීසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ සුරය අතුරුදන් කාන්තාවගේ බවය.

    ඔහු අදාළ කාන්තාව කිරිඇල්ලට ගෙන්වාගෙන ඝාතනය කළ බවත් තමා යකදුරාගේ ගෝලයකු බවද ඔහු පාපෝච්චාරණය කර තිබේ.

    සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ, හූනියම ඉවත් කර ගැනීමට කාන්තාවට දැමූ සුරයෙන් පළක් නොවූ බවට අවස්ථා කිහිපයකදී අදාළ යකදුරාට දුරකථනය මගින් කතා කර බැණ වැදුණු බවය.

    ඒ අනුව සැකකරු අදාළ කාන්තාවට පවසා ඇත්තේ “ගුරුන්නාන්සේ කොඩිවිනය ශක්තිමත් කරලා ආපහු සුරයක් හදලා දෙන්නම් කිව්වා… කිරිඇල්ලට එන” ලෙසය.

    පසුව එම කාන්තාව අප්‍රේල් 24 වනදා උදෑසනම ඇහැලියගොඩ සිට කිරිඇල්ලට පැමිණ ඇති අතර යකදුරා එහිදී සිය ගෝලයාට පවසා ඇත්තේ, ‘‘මේ ගෑනිගෙන් හරි කරදරයක් තියෙන්නේ, මොනව හරි කරපං’’ යනුවෙනි.

    ඒ අනුව, අදාළ පුද්ගලයා විසින් කෙටි මාර්ගයක් ඇති බව කාන්තාවට පවසා කැලෑබද ප්‍රදේශයකට ගෙන ගොස් ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ගෙල සිරකර ඇය ඝාතනය කළ පසු ඔහු ඇය පැළැඳ සිටි රන් සුරය ද රැගෙන, මළසිරුර කැලයේම අතු ගොඩක් යට සඟවා පළාගොස් තිබේ.

    පසුව පොලීසිය පසුගියදා අදාළ ස්ථානයේ තිබී මළසිරුර සොයාගත් අතර ඒ වන විටත් මළසිරුර දැඩි ලෙස විනාශ වී තිබුණේ සතුන් හානි කිරීම හේතුවෙනි.

    ඇයගේ පුත්‍රයා විසින් මළසිරුර හඳුනාගැනීම ද මෙහිදී සිදුකෙරුණු අතර අනතුරුව පොලීසිය විසින් අදාළ යකදුරාව ද අත්අඩංගුවට ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202605 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.