ඊයේ (14) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙරවලපිටිය ප්රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.
අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන කාණු පද්ධති අවහිරවීමෙන් නිවාස 20ක පමණ අඩි 2ත් 3ත් අතර ප්රමාණයකින් වැසි ජලයෙන් යටවී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.