Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගෙන් තීරණයක්
    Featured

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගෙන් තීරණයක්

    By LFNMay 15, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

    එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පවසුවේ, විශ්වවිද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලුම සේවාවලින් ඉවත් වීමේ ඒකමතික තීරණයකට එළඹී ඇති බවය.

    “විශේෂයෙන්ම ජලය හා විදුලිය සැපයීම අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම් සැපයීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. මේ බිඳ වැටීම් එක්ක විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ දේවල් නතර වේවි. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රසායනාගාර මට්ටමේ පවත්වාගෙන යන සාම්පල විනාශ වීම සම්බන්ධයෙන් වගකීම සම්පුර්ණයෙන්ම රජයේ බලධාරීන් දැරිය යුතුයි. මෙවැනි අපරාධයක් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන්නේ, මේ රජයේ ක්‍රියාකලාපය නිසයි. තවදුරටත් පාලනාධිකාරීය මඟහරිනවා නම් අපි ස්වෙච්ඡාවෙන් විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන සංවේදී කටයුතු ගැනත් නැවත හිතන්න.”

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ළමුන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමුකර සේවයට පැමිණෙන ලෙස සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවය.

    මේ අතර සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ තෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පරිපාලන ග්‍රාම නිලධාරීන් අද එක්වීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.